ගාල්ල (බටපොල): ව්‍යාජ අංක තහඩු සහිත යතුරුපැදියක්, මිලිමීටර් 9 වර්ගයේ ජීව පතොරොම් 09ක් සහ අයිස් මත්ද්‍රව්‍ය (ග්‍රෑම් 1 මිලිග්‍රෑම් 800) සමඟ 25 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පෑලියගොඩ: සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස දෙකක් වටලා සැකකරුවෙකු සහ සැකකාරියන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මොරගහහේන: නීති විරෝධී මත්පැන් පෙරීමට යොදාගන්නා “ගෝඩා” ලීටර් 2220ක් (බැරල් 12) සමඟ 45 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ජීවිතාරක්ෂක මෙහෙයුම්
හික්කඩුව වෙරළ: දිය වැලකට හසුව ගසාගෙන ගිය 52 හැවිරිදි බෙලරුස් ජාතික කාන්තාවක් සහ දියේ ගිලී අනතුරට පත් වූ 65 හැවිරිදි රුසියානු ජාතිකයෙකු හික්කඩුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් බේරාගෙන ඇත.

