කඩුගන්නාව සමූහ – කොලින් හරිශ්චන්ද්‍ර
ජාතික ඉන්ධන අවසර පත්‍ර පද්ධතියට ප්‍රවේශය ලබාදෙන බව පවසමින් සමාජ මාධ්‍ය සහ පණිවිඩ වේදිකාවල සංසරණය වන වංචනික වෙබ් අඩවියක් පිළිබඳව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට(CERT) විස්වාස දායක ලෙස දැනගන්නට ලැබී ඇත. මෙවැනි වෙබ් අඩවි පරිශීලකයින් නොමඟ යැවීමට සහ පුද්ගලික හෝ මූල්‍ය තොරතුරු සොරකම් කිරීමට අදහස් කරන මාර්ග ගත වංචාවක කොටසකි.
මැද පෙරදිග පවතින තත්ත්වය මධ්‍යයේ ගෝලීය ආර්ථිකයේ මතුවී ඇති අවිනිශ්චිතතාවය නිසා සැපයුම් සඳහා බාධා මතුවීමත් සමග රජය විසින් QR කේතය හඳුන්වා දෙන ලද්දේ ඉන්ධන භාවිතය සීමා කිරීම සඳහාය.
මෙවැනි සැක සහිත නිල නොවන වෙබ් අඩවි පණිවිඩ යෙදුම් හෝ සමාජ මාධ්‍යවල ප්‍රකාශයට පත්කර ඇති වෙනත් නොදන්නා සැබැඳි පරි ලෝකනය කිරීම (SCAN) හෝ ක්ලික් කිරීම නොකරන ලෙස Sri Lanka CERT ආයතනය මහජනතාවට තරයේ අවවාද කරයි.
සයිබර් වංචාවලට ගොදුරු වීම වැළැක්වීම සඳහා සුපරික්ෂාකාරව සිටීමට සහ ආරක්ෂිත මාර්ගගත හැසිරීම නිරතවන ලෙසට මහජනතාවගෙන් ඉල්ලා සිටි.

