කොළඹ අද (16) පැවැති මාධ්‍ය හමුවක දී සජිත් මෙසේ ද කී ය.
මෙරට ප්‍රධානතම විදුලි උත්පාදන මූලාශ්‍රය වන නොරොච්චෝල ලක්විජය බලාගාරයට බාල ගල් අගුරු භාවිත කිරීම හේතුවෙන් සමස්ත විදුලි පද්ධතියම බරපතල අනතුරක පවතින බවත්, එහි පාඩුව පියවා ගැනීමට රජය 75 ලක්ෂයක් පාරිභෝගිකයන් මත දැවැන්ත බදු බරක් පැටවීමට සූදානම් වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනාවරණය කරයි.
සංඛ්‍යාවලින් හෙළිවන ඇත්ත තත්ත්වය මෙන්න සජිත් කියයි!
විපක්ෂ නායකවරයා ඉදිරිපත් කළ දත්තයන්ට අනුව, නොරොච්චෝල බලාගාරයේ දෛනික ක්‍රියාකාරීත්වය පවතින්නේ ඉතා අවදානම් මට්ටමකය:
නියමිත ධාරිතාව: මෙගවොට් 810
වත්මන් නිෂ්පාදනය: මෙගවොට් 678
අහිමි වී ඇති බලය: මෙගවොට් 132
ඒකක අනුව බිඳවැටීම සජිත් කීවේ මෙසේ ය.
පළමු ඒකකය: මෙගවොට් 216 (අඩුවීම මෙගවොට් 54)
දෙවැනි ඒකකය: මෙගවොට් 230 (අඩුවීම මෙගවොට් 40)
තෙවැනි ඒකකය: මෙගවොට් 232 (අඩුවීම මෙගවොට් 38)
බාල ගල් අගුරු නිසා ජනතාවට යන ‘අමතර’ වියදම ගනන් හිලව් ඇතිව විපක්ෂ නායක කීය.
මෙම මෙගවොට් 132 ක හිඟය පියවා ගැනීමට රජයට සිදුව ඇත්තේ අධික පිරිවැයක් දරමින් ඩීසල් සහ දැවෙන්නා තෙල් (Furnace Oil) මගින් ක්‍රියාත්මක වන බලාගාර වෙත යොමු වීමටයි.
“ගල් අගුරු ඒකකයක පිරිවැයට වඩා ඉන්ධන ඒකකයක පිරිවැය කිහිප ගුණයකින් වැඩියි. රජය කරන්නේ තමන්ගේ කළමනාකරණ දුර්වලතාවය සහ බාල ගල් අගුරු ගනුදෙනුවල පාඩුව මැදපෙරදිග යුද්ධය පිට පටවා ජනතාවගේ විදුලි බිලට එකතු කිරීමයි,” යැයි විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
පාරිභෝගිකයන්ට එල්ල වන බලපෑම මෙන්න සජිත් කියයි!
පවතින තත්ත්වය මත ඉදිරියේදී විදුලි බිල ඉහළ දැමීමේ “නින්දිත උත්සාහයක” රජය නිරතව සිටින බවත්, මෙය ලක්ෂ 75ක් වන විදුලි පාරිභෝගිකයන් සමඟ ඇති කරගත් සමාජ සම්මුතිය උල්ලංඝනය කිරීමක් බවත් මෙහිදී පෙන්වා දෙන ලදී.

