අවදානමට රජය වගකිව යුතුයි.” වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා ප්‍රකාශ කළේ ය.
රටේ පවතින උග්‍ර ඉන්ධන අර්බුදය හමුවේ නිදහස් සෞඛ්‍ය සේවාව සහ රෝහල් පද්ධතිය පවත්වාගෙන යාම දැඩි අවදානමකට ලක්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අනතුරු අඟවයි.
වගකිවයුත්තන් සෞඛ්‍ය ගැටලු විසඳීම හිතාමතා පැහැර හරිමින් සිටින පසුබිමක, ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා අද (17) හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවා ඇති බව එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා අද විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
ඉන්ධන සලාකය නිසා සෞඛ්‍ය සේවය අඩපණ වෙයි!
දැනට ක්‍රියාත්මක ඉන්ධන සලාක ක්‍රමය හේතුවෙන් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවයට වාර්තා කිරීමේදී බරපතල ප්‍රායෝගික ගැටලුවලට මුහුණ දී සිටින බව වෛද්‍ය සුගතදාස මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ලිඛිතව දැනුම් දුන්නද, සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ රජය මෙතෙක් කිසිදු සාධනීය මැදිහත්වීමක් සිදු කර නොමැති බවට ඔහු චෝදනා කළේ ය.
වෘත්තීය ක්‍රියාමාර්ග තීව්ර වෙයි!
පසුගිය ජනවාරි මස සිට ක්‍රියාත්මක වෘත්තීය ක්‍රියාමාර්ග 08 ක් දැනටමත් ක්‍රියාත්මක වන අතර, රජයේ “උද්දච්ච” පිළිවෙත නිසා වෛද්‍යවරුන් මේ වන විටත් “ආරෝග්‍යා” සෞඛ්‍ය සායන ව්‍යාපෘතිය ඇතුළු කටයුතු රැසකින් ඉවත්ව සිටින බව ද හෙතෙම කීය.
අද 17 දින ප්‍රකාශයට පත්වන විශේෂ තීන්දු මෙන්න!
ප්‍රාථමික සෞඛ්‍ය සේවා වාර්තාව: සෞඛ්‍ය ක්ෂේත්රයේ ගැටලු සහ විසඳුම් සහිත විශේෂ කමිටු වාර්තාව ඉදිරිපත් කිරීම.
අඛණ්ඩ වෘත්තීය අරගලය: රට පුරා නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමේදී නිදහස් සෞඛ්‍ය සේවය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ගත යුතු තීරණාත්මක තීන්දු රැසක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
“නිදහස් සෞඛ්‍ය සේවාව රැකගැනීමේ වගකීමෙන් වගකිවයුත්තන්ට කිසිසේත් පැන යා නොහැකියි. රෝහල් පද්ධතිය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මතු වී ඇති අවදානමට රජය වගකිව යුතුයි.” වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා ප්‍රකාශ කළේ ය.

