“ආණ්ඩුව එක රැයෙන් QR ගෙනත් වැඩේ අනා ගත්තා. මේ ප්‍රශ්නය විසඳන්න නම් වහාම කැබිනට් තීන්දුවක් අරගෙන ඛනිජ තෙල් විෂය නියාමනය කිරීමට බලය පවරන්න.”

පවතින ඉන්ධන අර්බුදය හමුවේ රජය ගෙන ආ QR පද්ධතිය අසාර්ථක වී ඇති බැවින්, වහාම කැබිනට් මණ්ඩලය කැඳවා ඊට නිසි විසඳුම් ලබාදෙන ලෙස විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික රජයෙන් ඉල්ලා සිටියි.

අද (16) මරදගහමුලදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

QR පද්ධතිය නිසි ලෙස ක්‍රියා නොකරන බවත්, 1919 දුරකථන සේවාව පවා අක්‍රිය වී ඇති බව ද ඔහු කීය.

පද්ධතිය යථා තත්ත්වයට පත්වන තෙක් දිනකට ලීටර් 10 බැගින් හෝ ඉන්ධන නිකුත් කරන ලෙස ඔහු යෝජනා කළේ ය.

නිසි වේලාවට පිරවුම්හල් විවෘත නොකිරීම සහ තාක්ෂණික උපකරණ මදිවීම නිසා ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින බව ඔහු කළේ ය.

නියාමන බලය පැවරීම සිදු කරන්න යැයි ද හෙතෙම කීය .

ඛනිජ තෙල් විෂය නියාමනය කිරීමේ බලය වහාම මහජන උපයෝගීතා කොමිෂන් සභාවට පවරා දෙන ලෙස ඔහු රජයට බලකර සිටියේ ය.

“ආණ්ඩුව එක රැයෙන් QR ගෙනත් වැඩේ අනා ගත්තා. මේ ප්‍රශ්නය විසඳන්න නම් වහාම කැබිනට් තීන්දුවක් අරගෙන ඛනිජ තෙල් විෂය නියාමනය කිරීමට බලය පවරන්න.”

Share.
Leave A Reply