ඓතිහාසික ගාල්ලට නව මුහුණුවරක්: බන්ධනාගාරය ඉවත් කෙරේ – සංචාරක වරායක් සහ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට අනුමැතිය!
ගාල්ල නගරය සහ තදාසන්න ප්‍රදේශ ලෝක උරුම නගරයට ගැළපෙන පරිදි නවීකරණය කිරීමේ දැවැන්ත නාගරික සැලැස්ම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
සැලැස්මේ විශේෂිත කරුණු:
පරිපාලන වෙනස: නගර මධ්‍යයේ ඇති බන්ධනාගාරය අක්මීමනට ගෙන ගොස් එම භූමිය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කෙරේ.
ප්‍රවාහන විප්ලවය: මංතීරු හතරක මහා මාර්ග, නව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් සහ දෙවට ප්‍රදේශයේ නවීන උප නගරයක් ස්ථාපනය කෙරේ.
වරාය සහ වෙළඳපොළ: ගාල්ල වරාය සංචාරක වරායක් ලෙසත්, මහජන වෙළඳපොළ ‘වෙළඳ උද්‍යානයක්’ ලෙසත් නවීකරණය කිරීමට යෝජිතය.
නීල ධජ වෙරළක්: හික්කඩුව වෙරළ තීරය ජාත්‍යන්තර ‘නීල ධජ’ (Blue Flag) ප්‍රමිතියට සංවර්ධනය කෙරෙන අතර මුහුදු ගුවන්සේවා මධ්‍යස්ථානයක්ද ඉදිවේ.
මෙම ව්‍යාපෘති හරහා ගාල්ල නගරය ඉදිරි දශකය තුළ කරාපිටිය හා ලබුදුව දක්වා ප්‍රසාරණය වනු ඇතැයි නාගරික සංවර්ධන අධිකාරිය අවධාරණය කරයි.

