ලෝක සෞඛ්‍ය සංවිධානයේ දරුණුතම රෝග 10න් 07ක්ම චර්ම රෝග: ජාත්‍යන්තර සමුළුව කොළඹදී ඇරඹේ.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ප්‍රගතියට ජාත්‍යන්තරයේ ප්‍රණාමය: චර්ම රෝග පිළිබඳ දැවැන්තම සමුළුවICTD 2026 ඇරඹේ.

ලෝකයේ බිලියන 4කගේ සෞඛ්‍ය ගැටලුවලට විසඳුම් සෙවීමට රටවල් 25ක විශේෂඥයෝ කොළඹට රැස්වෙති!

ලෝක ජනගහනයෙන් අඩකට වඩා පීඩා විඳින චර්ම රෝග මර්ධනය සඳහා ජාත්‍යන්තර ඝර්ම කලාපීය චර්ම රෝග විශේෂඥ සමුළුව (ICTD 2026) රටවල් 25ක නියෝජිතයින් 500කගේ සහභාගීත්වයෙන් කොළඹදී ආරම්භ විය.

මෙහිදී අදහස් දැක්වූ ජාත්‍යන්තර විශේෂඥයින් පෙන්වා දුන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කළ දරුණුතම රෝග 10න් 07ක්ම මෙම කලාපයට අයත් වන බවයි.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ පවතින ඉහළ කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව මෙහිදී ජාත්‍යන්තරයේ දැඩි ඇගයීමට ලක් වූ අතර, සමුළුවේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය නයනි මදරසිංහ මහත්මිය සඳහන් කළේ මෙමඟින් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය ජාත්‍යන්තර පිළිගැනීමේ ඉහළම තලයකට ගමන් කරන බවයි.

Share.
Leave A Reply