2025 වසරේදී රුපියල් මිලියන 75,000 (බිලියන 75) කට අධික මත්ද්‍රව්‍ය සහ යාත්‍රා 136 ක්. 2026 මේ දක්වාමත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ යාත්‍රා 14 ක් නීතියේ රැහැනට ගෙන ඇති බව නාවික හමුදාව පවසයි.
ශ්‍රී ලංකා සාගර කලාපය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සොහොන් බිමක් බවට පත් කරමින්, දකුණු මුහුදේ ගැඹුරු දියේදී නාවික හමුදාව දියත් කළ සූක්ෂම මෙහෙයුමකින් කිලෝග්‍රෑම් 654 ක මත්ද්‍රව්‍ය සහ නවීන ගිනි අවි 11 ක් සමඟ ජාවාරම්කරුවන් දස දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ.
මෙහෙයුමේ වාර්තාගත සංඛ්‍යාලේඛනදික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ආ බහුදින ධීවර යාත්‍රා දෙකේ සඟවා තිබූ මාරාන්තික නීතිවිරෝධී ද්‍රව්‍යවල සාරාංශය මෙසේය
අයිස් (Crystal Meth): කිලෝ 478 කට අධිකයි.හෙරොයින්: කිලෝ 176 කට අධිකයි.නවීන ගිනි අවි: යාන්ත්‍රික ගිනි අවි 03 ක් සහ පැති අවි (Handguns) 08 ක්වේ.
ජාවාරම් සඳහා භාවිත කළ නවීන තාක්ෂණික මෙවලම් තොගයක්.බහුදින යාත්‍රා දෙකක සිටි සැකකරුවන් 10 දෙනෙක් බවද නාවික හමුදාව කියයි.
මෙම කාල සීමාවමෙ හෙයුම් සාර්ථකත්වය 2025 වසරේදී රුපියල් මිලියන 75,000 (බිලියන 75) කට අධික මත්ද්‍රව්‍ය සහ යාත්‍රා 136 ක්. 2026 මේ දක්වාමත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ යාත්‍රා 14 ක් නීතියේ රැහැනට ගෙන ඇති බව නාවික හමුදාව පවසයි.
රණ විරුවනී රට පෙරට ආදරෙයි!

