පද හදයි,
සත්‍යජිත් විදුරවි සිහින සංකල්ප ගෙනි!
@හුණ්ඩුව පිරෙන්නට මතුවුණ රතු හීන
ආණ්ඩුවට රත්වෙයි දැන් බලලූම් ගාන
පරණ හොරුන් බිය වී ඇති හැටි පේන
හොල්ලයිද බලමු රට ඉදිරියෙ තියෙන
@ හුණ්ඩුව අරන් රට වට කර පස්ස පන්නයි
ආණ්ඩුවෙ පරණ හොරු ටික දැන් ගැහෙන්නයි
ගොඩගහපු මලු ටිකක් හංගා ගන්නයි
රතු පාටින් අලුත් හීනයක් පේන්නයි
@අලුත් මුහුණු ඇවිදින් පාරට්ටු කරයි
පරණ කුණු කන්දල් ටික සැඟවී දරයි
රට හදන සටන් පාඨ හැම තැන මැවෙයි
බැලුම් බෝලෙ පිපිරෙන දවසත් ළඟයි
@බඩගින්නේ උන්නත් ෆෝන් එක අතේ
ලයික් හිඟාකන පිරිසක් ඉදී රටේ
ඇත්ත නැත්ත නොබලාම දුවන මේ වටේ
හුළං තමයි ඉතිරිව ඇත්තේ හැලියෙ කටේ
@මැතිවරණේ එනකම් මල් මාල දමයි
රට හදන්න ලොකු ලොකු ටෝක්ස් ද පදමයි
ඡන්දෙ දුන්නු දා සිට ජනතාව හඬයි
කවි පද හතර හැමදාමත් ඇත්ත කියයි
@
බඩු මිල අහස උසටම නැග පියාඹයි
පොකැට්ටුවේ ඇති සොච්චම ඉගිල්ලෙයි
සැප විඳිනා උදවිය හරි ජයට ඉඳියි
අපේ එකා තවමත් හීනෙකින් බලයි
@රට ගැන හිතා වැඩ කරනව කියන්නේය
බොරුවම වපුරලා රජ සැප විඳින්නේය
දුක් විඳිනා ජනයා පෝලිමේ ඉන්නේය
කවි පද හතර ඇත්තම පවසන්නේය
පද හදයි,
සත්‍යජිත් විදුරවි සිහින සංකල්ප ගෙනි!

