තවමත් ‘සිසු සැරිය’ පහසුකම් නොලබන දරුවන්ට කඩිනමින් ප්‍රවාහන පහසුකම්

පාසල් ප්‍රවාහන සේවා විධිමත් කරන්න ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙලක්.

ග්‍රාමීය ප්‍රදේශයන්හි පටු දුෂ්කර මාර්ග සදහා වෑන් රථ හෝ සුදුසු ප්‍රවාහන මාධ්‍යයක්.

ව්‍යාපෘතිය වෙනුවෙන් මේ වසරට රුපියල් බිලියනයක අතිරේක ප්‍රතිපාදන.

පාසල් දරු දැරියන්ගේ ප්‍රවාහන අවශ්‍යතා ආරක්ෂිතව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා නව ක්‍රමවේදයක් ඔස්සේ සැලසුම් සහගත ජාතික වැඩපිළිවෙලක් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය ඒකාබද්ධව ජාතික ගමනා ගමන කොමිසන් සභාවේ මූලිකත්වයෙන් ආරම්භ කර ඇත.

ඒ යටතේ පාසල් දරුවන්ගේ ප්‍රවාහනය සම්බන්ධ ඉදිරි සැලසුම් පිළිබද විශේෂ සාකච්ඡාවක් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (2026.03.12) ‘ඉසුරුපාය’ අධ්‍යාපන අමාත්‍යංශයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

පාසල් පද්ධතිය තුල දරුවන්ට ප්‍රවාහන පහසුකම් සැලසීමේ දී දිගුකාලීනව පවතින ගැටලු නිරාකරණය කරමින් ආරක්ෂාකාරී, ගුණාත්මක ප්‍රවාහන සේවාවක් නිවසේ සිට පාසලටත්, පාසලේ සිට යළි නිවසටත් ලබාදීම වෙනුවෙන් මෙම නව ක්‍රමවේදය බලාත්මක කිරීමට පියවර ගෙන ඇත.

Share.
Leave A Reply