ඉන්දියානු සමාගමට ටෙන්ඩරය දෙන්න ‘ප්‍රතික්ෂේපිත අගය’ පන්නයි.

ගල් අඟුරු නැව් ප්‍රමාදයෙන් රට අඳුරට යාමේ රතු එළියක්!

ලබන වසරේ ගල් අඟුරු ආනයනය සඳහා ප්‍රමිතියෙන් තොර සමාගම්වලට අවස්ථාව ලබාදීම වෙනුවෙන් රජය ප්‍රසම්පාදන නීති රීති හිතාමතාම ලිහිල් කර ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කළේ ය.

එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසන්නේ, මීට පෙර අවස්ථාවලදී බාල ගල් අඟුරු සපයා මෙරටට විශාල පාඩුවක් සිදුකළ ඉන්දියානු සමාගමකටම යළි ටෙන්ඩරය ලබාදීමට බලධාරීන් මාන බලන බවයි. විශේෂයෙන්ම, ගල් අඟුරු වල ප්‍රමිතිය මනින ‘Reject Value’ (ප්‍රතික්ෂේපිත අගය) යන තාක්ෂණික කොන්දේසිය ටෙන්ඩරයෙන් ඉවත් කර, ඕනෑම බාල ගල් අඟුරු තොගයක් භාරගත හැකි පරිදි නීතිය වෙනස් කර ඇති බව ද ඔහු අනාවරණය කළේය.

Share.
Leave A Reply