සඳරුවන් සේනාධීර සහ පිටුවහල් මාධ්‍යකරණයේ අභියෝගය
වසර ගණනාවක් විදේශගතව සිට දිවයිනට පැමිණි ‘ලංකා ඊ නිවුස්’ කර්තෘ, ප්‍රවීණ මාධ්‍යවේදී සඳරුවන් සේනාධීර මහතා කටුනායකදී අත්අඩංගුවට ගැනීම පසුගිය සතියේ දී සිදු කෙරිණි මෙය මාධ්‍ය ලෝකයේ අවදානයට ලක්වූ තවත් මාධ්‍ය පුවතක් ලෙස මාධ්‍ය සඟයෝ පෙන්වාදුන්හ.
මේ අතර මාධ්‍යවේදිනී සුලෝචනා රාමයියාට පොලිසිය සිදුකළ බලපෑම් හමුවේ වත්මන් රජය ද පැරණි මර්දනකාරී මාවතට අවතීර්ණ වෙමින් සිටින්නේ දැයි ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ප්‍රශ්න කර සිටියේ ය.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය අවධාරණය කරන්නේ, රාජපක්ෂ පාලන සමයේ එල්ල වූ ජීවිත තර්ජන හමුවේ දේශපාලන රැකවරණ පැතූ මාධ්‍යවේදියෙකු මෙලෙස අත්අඩංගුවට ගැනීම හරහා යළිත් රට තුළ අඳුරු යුගයක සෙවනැලි මතු වන බවයි.
සටහන් පොත් උදුරාගෙන පරුෂ වචනයෙන් බැණ වැදිලා ද? යන්න රට හමුවේ දැන් ඇති ප්‍රශ්නයකි.
මේ අනුව කරාපිටිය රෝහලේදී ඉරාන නාවිකයන් පිරිසක් පිළිබඳ තොරතුරු වාර්තා කිරීමට ගිය ‘සිලොන් ටුඩේ’ නියෝජ්‍ය කර්තෘ සුලෝචනා රාමයියා මොහාන් මහත්මියට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පරුෂ වචනයෙන් බැණ වැදී, ඇයගේ සටහන් පොත් උදුරාගෙන ඇති බවත්, ඒ පිළිබඳ කළ පැමිණිල්ල විධිමත්ව සටහන් කර ගැනීමට ගාල්ල පොලිසිය ප්‍රතික්ෂේප කර ඇති බවත් සංගමය සිය ලිපිය මගින් හෙළිදරව් කර ඇත.
භීෂණය යළිත් රට ගිල ගනීද? මාධ්‍යවේදීන් ඉලක්ක කර ගනිමින් සිදු කෙරෙන මෙම මර්දනය තුළින් පසුගිය පාලන ක්‍රමය යළිත් කරලියට පැමිණෙන බවට සැකයක් මතුවේ.
ජීවිත ආරක්ෂාව තියනවාද ? අපේ මාධ්‍ය සඟයන් මේ අවස්ථාවේ මුහුණදී ඇති මෙම ගැටලුව ගැන ද රට ම අවදානය යොමු කළ යුතුය. අත්අඩංගුවට ගත් සඳරුවන් සේනාධීර මහතාගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට වහාම පියවර ගන්නා ලෙස අපි, රතු සහෝදර ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමු.
මේ සම්බන්ධව අපක්ෂපාතී පරීක්ෂණයක් කරන ගෙස ද ඔහුන් වැඩි දුරටත් ඉල්ලා සිටිති. මාධ්‍යවේදිනියගේ රාජකාරියට බාධා කරමින් සටහන් උදුරාගත් නිලධාරීන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන්න යැයි අප මාධ්‍ය සංගමයේ මාධ්‍ය සඟයෝ පවසති.
අප මාධ්‍ය සඟයන් විසින් මාධ්‍යවේදීන්ගේ වෘත්තීය නිදහස සහ භාෂණයේ අයිතිය අභියෝගයට ලක් නොකරන ලෙස ඉල්ලා සිටින මෙම ලිපියේ පිටපත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ද යොමු කරනු ලැබ තිබේ.
පසුගිය සතියේ මාධ්‍ය හැඩගැන්වූ රසවත් සිරස්තල රැසකි.
මාධ්‍ය මර්දනයේ කළු සෙවනැලි යළිත්? සඳරුවන් සේනාධීර අත්අඩංගුවට!, මාළිමා රජයත් පරණ මර්දන මාවතේ ද? මාධ්‍යවේදීන්ගෙන් ඇමතිට රතු එළියක්!, වසර ගණනාවක් පිටුවහල්ව සිට මෙරටට පැමිණි ‘ලංකා ඊ නිවුස්’ කර්තෘ සඳරුවන් සේනාධීර කටුනායකදී අත්අඩංගුවට, කරාපිටිය රෝහලේදී මාධ්‍යවේදිනී සුලෝචනා රාමයියාගේ සටහන් පොත් පොලිසිය උදුරාගනී; පරුෂ වචනයෙන් බැණ වැදී බලපෑම්, “රාජපක්ෂ යුගයේ භීෂණය යළිත් ද?” – වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කරයි, මාධ්‍යවේදීන්ගේ ජීවිත ආරක්ෂාව සහ වෘත්තීය නිදහස වහාම තහවුරු කරනු!,මා ධ්‍ය නිදහස අනතුරේ!, ලංකා ඊ නිවුස් කර්තෘ සඳරුවන් සේනාධීර අත්අඩංගුවට. මාධ්‍යවේදිනී සුලෝචනා රාමයියාගේ රාජකාරියට පොලිසියෙන් බාධා, “මාළිමා රජයත් පරණ මර්දන මාවතේ ද?” – වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අමාත්‍ය ආනන්ද විජේපාලට රතු එළි නිකුත් කරයි… ආදි වශයෙන් ප්‍රබල සිරස්තල ගණනාවක් මෙලෙස සටහන් වූයේ අපේ මාධ්‍ය සඟයකුට වූ අකරතැබ්බයකී හඳවතේ ඇති වන වේදනාව සාමූහිකව ප්‍රකාශ කිරීමේ ප්‍රතිඵලයක් නිසාය.
මෙම ආන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධවත්, ප්‍රධාන ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍යවල පළවූ ප්‍රවෘත්ති වර්තා සම්බන්ධවත් රජය මේ වනතෙක් කිසිම නිල නිවේදනයක් නිකුත් කර නොතිබීම ද ප්‍රශ්නයකි.
කෙසේ නමුත් අපේ කතා නායකයා වූ ‘ලංකා ඊ නිවුස්’ වෙබ් අඩවියේ කර්තෘ, ප්‍රවීණ මාධ්‍යවේදී සඳරුවන් සේනාධීර යනු කවරෙක් ද?
සඳරුවන් සේනාධීර යනු ශ්‍රී ලංකාවේ ප්‍රකට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු සහ ‘ලංකා ඊ නිවුස්’ (Lanka e News) නම් ප්‍රමුඛ ප්‍රවෘත්ති වෙබ් අඩවියේ ආරම්භක කර්තෘවරයා වේ. …….
ඔහු දිගු කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ දේශපාලනය, මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් තීරණාත්මක සහ විවේචනාත්මක මාධ්‍යකරණයක නිරත විය.
ඔහුගේ වෘත්තීය ජීවිතයේ ප්‍රධාන සන්ධිස්ථාන කිහිපයකි.
ලංකා ඊ නිවුස්’ ආරම්භය: ඔහු විසින් ආරම්භ කරන ලද ‘ලංකා ඊ නිවුස්’ වෙබ් අඩවිය, විශේෂයෙන්ම දේශපාලන හා දූෂණ සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක පුවත් සහ විවේචනාත්මක වාර්තා ප්‍රකාශයට පත් කිරීම නිසා ජනප්‍රිය විය.
දේශපාලන රැකවරණය අතරේ ගත් කළ ශ්‍රී ලංකාවේ පසුගිය පාලන සමයන්හි (විශේෂයෙන්ම 2005-2015 කාලය තුළ) මාධ්‍යවේදීන්ට එල්ල වූ තර්ජන සහ ප්‍රහාර හමුවේ, සඳරුවන් සේනාධීර මහතාට තම ජීවිත ආරක්ෂාව පතා එක්සත් රාජධානියට (UK) ගොස් දේශපාලන රැකවරණය ලබා ගැනීමට සිදු විය.
පිටුවහල්ව සිට මාධ්‍යකරණය කළේ මාධ්‍ය කරුවාට ඇති පන්නරය නිසා ය. ඔහු එක්සත් රාජධානියේ සිටිමින් ‘ලංකා ඊ නිවුස්’ වෙබ් අඩවිය අඛණ්ඩව ක්‍රියාත්මක කළේය. එමගින් ශ්‍රී ලංකාවේ තොරතුරු නිදහස සහ මාධ්‍ය නිදහස උදෙසා පිටුවහල්ව සිටින මාධ්‍යවේදියෙකු ලෙස සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළේය.
මේ අතුර ශ්‍රී ලංකාවට පැමිණීම සිදු ව්නේ ය. වසර ගණනාවකට පසු, ඔහු 2026 වසරේදී යළිත් ශ්‍රී ලංකාවට පැමිණි අතර, එම අවස්ථාවේදී ඔහුව කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගැනීම දේශපාලන සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක් විය.
සඳරුවන් සේනාධීර යනු ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස, විශේෂයෙන්ම වෙබ් මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටි කැපී පෙනෙන චරිතයකි. මාධ්‍ය සටන් සඟයෙකි. ඔහුගේ ‘ලංකා ඊ නිවුස්’ අත්දැකීම, ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් මුහුණ දෙන අභියෝග සහ පිටුවහල් මාධ්‍යකරණය පිළිබඳ අධ්‍යයනය කිරීමේදී වැදගත් වේ.
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඉතිහාසය පිරික්සීමේදී මාධ්‍ය නිදහස යනු නිරන්තරයෙන්ම පාලකයන්ගේ දැඩි පීඩනයට ලක්වූ ක්ෂේත්‍රයකි. දශක තුනක සිවිල් යුද්ධය සහ දේශපාලන අස්ථාවරත්වය තුළ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම, පැහැර ගැනීම, බිය ගැන්වීම සහ පිටුවහල් කිරීම මෙරට මාධ්‍ය සංස්කෘතියේ අඳුරු සෙවනැලි බවට පත්ව තිබේ. විශේෂයෙන්ම 2005 – 2015 දශකය ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ “භීෂණයේ දශකය” ලෙස හැඳින්විය හැකිය.
මෙරට මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටි ප්‍රමුඛ පෙළේ මාධ්‍යවේදීන් රැසකට තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු විය. 2009 ජනවාරි මාසයේදී සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා මහ දවාලේ ඝාතනය කිරීම ජාත්‍යන්තර අවධානයට ලක්වූ දරුණුතම සිදුවීමකි. ඊට අමතරව ධර්මරත්නම් සිවරාම් (තාරකී) වැනි දෙමළ මාධ්‍යවේදීන් දේශපාලන අවශ්‍යතා මත ඝාතනයට ලක් විය.
අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් බලන කල, 2010 ජනවාරි මාසයේදී අතුරුදහන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පිළිබඳ ගැටලුව අදටත් නොවිසඳුණු අභියෝගයකි. මෙම සිදුවීම් හරහා පාලකයින් උත්සාහ කළේ මාධ්‍ය ප්‍රජාව තුළ ස්වයං-සන්ශෝධනයක් (Self-censorship) ඇති කරමින් ඔවුන් බිය ගැන්වීමටය.
කර්තෘවරුන්ට සහ වාර්තාකරුවන්ට එල්ල වූ ශාරීරික පහරදීම්වලට අමතරව, මාධ්‍ය ආයතන ව්‍යුහමය වශයෙන් විනාශ කිරීමට ද පියවර ගෙන තිබුණි. සිරස (MTV/MBC) ආයතනයට එල්ල වූ බෝම්බ ප්‍රහාර, සියත ආයතනය ගිනිබත් කිරීම සහ ලංකා ඊ නිවුස් ආයතනයට එල්ල වූ ප්‍රහාර මීට නිදසුන් වේ.
මාධ්‍යවේදීන් වන පෝද්දල ජයන්ත සහ උපාලි තෙන්නකෝන් වැනි අයට එල්ල වූ දරුණු ප්‍රහාර ඔවුන්ට රට හැර යාමට බල කෙරුණු හේතූන් විය.
මෙම මර්දනයේ සෘජු ප්‍රතිඵලයක් ලෙස ‘ලංකා ඊ නිවුස්’ කර්තෘ සඳරුවන් සේනාධීර වැනි මාධ්‍යවේදීන්ට දේශපාලන රැකවරණ පතා විදේශගත වීමට සිදු විය.
පිටුවහල්ව සිටියද, ඩිජිටල් අවකාශය භාවිතා කරමින් පාලනයේ දූෂණ සහ අසාධාරණකම් හෙළිදරව් කිරීමේ “විකල්ප මාධ්‍ය භාවිතය” ඔහු විසින් ශක්තිමත් කරන ලදී.
2026 වසරේදී ඔහු යළි දිවයිනට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට පත්වීමෙන් පෙනී යන්නේ, පාලන තන්ත්‍රයන් වෙනස් වුවද පැරණි මර්දනකාරී ව්‍යුහයන් සහ පලිගැනීමේ චේතනාවන් තවදුරටත් ක්‍රියාත්මක වන බවයි.
වර්තමානයේදී සෘජු ඝාතනවලට වඩා වක්‍ර මර්දන ක්‍රමවේද භාවිතා වන බව පෙනේ. මෑතකදී මාධ්‍යවේදිනී සුලෝචනා රාමයියා වැනි අයට රාජකාරියේ නිරතව සිටියදී පොලිසියෙන් එල්ල වූ බාධා කිරීම් සහ සටහන් පොත් උදුරා ගැනීම් මගින් පෙන්නුම් කරන්නේ මාධ්‍යවේදියාගේ වෘත්තීය නිදහස තවමත් අනතුරේ පවතින බවයි.
“සබැඳි ආරක්ෂණ පනත” (Online Safety Act) වැනි නව නීති රීති හරහා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කිරීමට රජයන් දරන උත්සාහය දේශපාලන විචාරකයන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.
මාධ්‍යවේදීන් ඝාතනය කිරීම හෝ සිරගත කිරීම යනු පුද්ගලයෙකු විනාශ කිරීම පමණක් නොව, සමාජයක සත්‍යය දැනගැනීමේ අයිතිය විනාශ කිරීමකි. ශ්‍රී ලංකාව තුළ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් ස්ථාපිත වීමට නම්, අතීතයේ සිදුවූ මාධ්‍ය ඝාතන සම්බන්ධයෙන් සාධාරණය ඉටුවීමත්, මාධ්‍යවේදීන්ට බියෙන් තොරව තම වෘත්තියේ නියැලීමට හැකි ආරක්ෂිත වටපිටාවක් නිර්මාණය වීමත් අත්‍යවශ්‍ය වේ.
විවිධ ජාත්‍යන්තර මාධ්‍ය නිරීක්ෂණ සංවිධාන (CPJ, RSF) සහ දේශීය සිවිල් සංවිධාන පෙන්වා දෙන පරිදි, 1980 දශකයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාව තුළ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින් 44කට අධික පිරිසක් ඝාතනය කර හෝ අතුරුදහන් කර ඇත.
2005 – 2015 දශකය අවදානය යොම කළ හැකිය. මෙය ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ “ලේ වැකි දශකය” ලෙස හැඳින්වේ. මෙම කාලය තුළ මාධ්‍යවේදීන් 13 දෙනෙකු පමණ ඝාතනයට ලක් වූ අතර, ඉන් බහුතරයක් උතුරු-නැගෙනහිර ප්‍රදේශවල සේවය කළ දෙමළ මාධ්‍යවේදීන්ය.
ලසන්ත වික්‍රමතුංග (2009), ඉහළ පෙළේ මාධ්‍යවේදීන් ඉලක්ක කිරීමේ සංකේතය ලෙස මොහුගේ ඝාතනය සැලකේ.
ප්‍රගීත් එක්නැලිගොඩ (2010),මාධ්‍යවේදීන් අතුරුදහන් කිරීමේ භීෂණය ලොවට හෙළි කළ ප්‍රධාන සිදුවීමකි. ඔහු අතුරුදහන් වී වසර 16ක් ගතවුවද අදටත් සාධාරණයක් ඉටුවී නැත.
මර්දනය හමුවේ දිවි ගලවා ගැනීම සඳහා ශ්‍රී ලංකාවෙන් පිටව ගිය මාධ්‍යවේදීන් සංඛ්‍යාව 80කට අධිකය. ‘ලංකා ඊ නිවුස්’ කර්තෘ සඳරුවන් සේනාධීර මහතා මෙහි ප්‍රමුඛ චරිතයකි.
ඔහුගේ වෙබ් අඩවියට ප්‍රහාර එල්ල කර ගිනිබත් කිරීමෙන් පසු එක්සත් රාජධානියේ සිට ඔහු කළ විකල්ප මාධ්‍ය භාවිතය, මෙරට ඩිජිටල් මාධ්‍ය අවකාශයේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් විය. 2026 දී ඔහු යළි පැමිණීමේදී අත්අඩංගුවට පත්වීමෙන් පෙනී යන්නේ අපරාධ මුක්තිය (Impunity) හෙවත් වැරදිකරුවන්ට දඬුවම් නොලැබීමේ සංස්කෘතිය තවමත් රජයන බවයි.
වර්තමානයේ මාධ්‍ය මර්දනය භෞතික ප්‍රහාරවලින් ඔබ්බට ගොස් සංකීර්ණ මුහුණුවරක් ගෙන ඇත.
මෑතකදී සම්මත වූ සබැඳි ආරක්ෂණ පනත (Online Safety Act) සහ ත්‍රස්ත විරෝධී පනත (ATA) වැනි නීති හරහා මාධ්‍යවේදීන් සිරගත කිරීමේ ප්‍රවණතාවක් මතුව තිබේ.
2026 මාර්තු මාසයේදී මාධ්‍යවේදිනී සුලෝචනා රාමයියාට පොලිසිය විසින් සිදුකළ බාධා කිරීම්, පරුෂ වචනයෙන් බැණ වැදීම සහ සටහන් පොත් උදුරා ගැනීම වැනි සිදුවීම් මගින් තහවුරු වන්නේ භූමියේ ක්‍රියාත්මක වන අපේ මාධ්‍ය සඟයන්ට ඇති අනාරක්ෂිතභාවයයි.
මාධ්‍යවේදියෙකුට එල්ල වන ප්‍රහාරයක් යනු පුද්ගලයෙකුට එල්ල වන ප්‍රහාරයක් නොව, සමස්ත සමාජයේම තොරතුරු දැනගැනීමේ අයිතියට (Right to Information) එල්ල වන ප්‍රහාරයකි.
සත්තකින්ම 2026 වසරේදී මාළිමා රජය යටතේ වුවද, පැරණි මර්දනකාරී ව්‍යුහයන් සහ පොලිස් රාජ්‍යයක ලක්ෂණ යළි මතුවීම සමාජ ප්‍රජාතන්ත්‍රවාදය බරපතල අනතුරකට ඇද දමන්නකි.
ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස සුරක්ෂිත වීමට නම්, අතීතයේ සිදුවූ ඝාතන සහ අතුරුදහන් කිරීම් පිළිබඳව ස්වාධීන පරීක්ෂණ පවත්වා දඬුවම් පැමිණවිය යුතුය. සඳරුවන් සේනාධීර හෝ සුලෝචනා රාමයියා වැනි මාධ්‍යවේදීන්ට එරෙහිව සිදුවන දේශපාලන සහ පොලිස් මර්දනයන් වහා නතර කළ යුතුය.
නිදහස් මාධ්‍යයක් නොමැති රටක සංවර්ධනය හෝ ප්‍රජාතන්ත්‍රවාදය යනු හුදු මිරිඟුවක් පමණි.
(නිමල් අල්ගෙවත්ත ලියයි)

