A9 මාර්ගයට මුහුණලා ඉදිකළ වෙළඳ කුටි 20ක් සහිත නැවතුම් පොළ – රු. මිලියන 15ක වියදමින්

වවුනියාව ඊරට්ටපෙරියකුලම් ප්‍රදේශයේදී “උතුර හා දකුණ යා කෙරෙන සංහිඳියාවේ නැවතුම් පොළ” නව සේවා මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාව. ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා එක්ව ප්‍රධානත්වය දරති.

උතුරු හා දකුණු ජනතාව අතර සංහිඳියාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ඉදිකරන ලද “උතුර හා දකුණ යා කෙරෙන සංහිඳියාවේ නැවතුම් පොළ” නම් නව සේවා මධ්‍යස්ථානය වවුනියාව ඊරට්ටපෙරියකුලම් ප්‍රදේශයේදී ජනතා සේවය සඳහා විවෘත කෙරිණි.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා මෙම අවස්ථාවට ප්‍රධානත්වය දැරූහ.

යාපනය–නුවර A9 ප්‍රධාන මාර්ගයට මුහුණලා ඉදිකර ඇති මෙම සේවා මධ්‍යස්ථානය තුළ වෙළඳ කුටි 20ක් ඉදිකර ඇති අතර, උතුරු පළාතට ආවේණික සංස්කෘතික නිර්මාණ හා දේශීය ආහාර අලෙවි කිරීම සඳහා විශේෂ පහසුකම් සපයා තිබේ. මුල් අදියර යටතේ රුපියල් මිලියන 15ක මුදලක් මේ සඳහා වැය කර ඇත.

මධ්‍යස්ථානයේ විශේෂාංග

📌 දුර ගමන් කරන මගීන්ට විඩාව නිවා ගත හැකි සුවපහසු විවේක ස්ථාන

📌 සනීපාරක්ෂක පහසුකම් සහ ආරක්ෂිත පරිසරය

📌 උතුරු පළාතට ආවේණික සංස්කෘතික නිර්මාණ හා ආහාර අලෙවිය

📌 අඩු ආදායම්ලාභී පවුල්වල නිෂ්පාදන අලෙවි අවස්ථා

📌 දේශීය හා විදේශීය සංචාරකයින් ආකර්ෂණය සඳහා පහසුකම්  

Share.
Leave A Reply