ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන මිල ඉහළට: නව මිල ගණන් මෙන්න
කොළඹ, 2026 මාර්තු 09 – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (Ceypetco) විසින් අද (මාර්තු 09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ. ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම සහ පවතින ආර්ථික තත්ත්වයන් සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව සංස්ථාව නිවේදනය කරයි.
මෙම මිල සංශෝධනයට අනුව පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල ගණන් රුපියල් 13 සිට රුපියල් 25 දක්වා ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත.
නව ඉන්ධන මිල ගණන් සාරාංශය
අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන නව මිල ගණන් පහත පරිදි වේ:
| ඉන්ධන වර්ගය | පැවති මිල (රු.) | සංශෝධිත මුදල (රු.) | නව මිල (රු.) |
|---|---|---|---|
| ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් | 293.00 | +24.00 | 317.00 |
| ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 | 340.00 | +25.00 | 365.00 |
| ලංකා සුදු ඩීසල් | 281.00 | +22.00 | 303.00 |
| ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 | 329.00 | +24.00 | 353.00 |
| ලංකා භූමිතෙල් | 182.00 | +13.00 | 195.00 |
වැඩිදුර තොරතුරු
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන පරිදි, මෙම මිල සංශෝධනය පිළිබඳව සියලුම බෙදුම්කරුවන් සහ පාරිභෝගිකයින් දැනුවත් කිරීමට කටයුතු කර ඇත. මෙම මිල ගණන් දිවයින පුරා පිහිටි සියලුම සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් සඳහා බලපැවැත්වේ.
පාරිභෝගිකයින්ට මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් පහත දුරකථන අංක ඔස්සේ සංස්ථාවේ මාධ්‍ය අංශය ඇමතිය හැකිය:
දුරකථන: 0117-296130 / 0117-296248
ෆැක්ස්: 0112-106770
වෙබ් අඩවිය: www.ceypetco.gov.lk
විශේෂ සටහන: මෙම මිල ඉහළ යාම ප්‍රවාහන හා අනෙකුත් සේවාවන්හි පිරිවැයට සෘජුවම බලපෑම් කළ හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.
———————————————————————————————
සම්පූර්ණයෙන්ම නොමිලේ පුහුණුව!
පරිපූරක ජනමාධ්‍ය ආචාර ධර්මය සහ නවක සන්නිවේදක පුහුණු වැඩසටහන (Certificate in Introductory Media Communication Ethics)
මාධ්‍ය අධ්‍යයන පුහුණුව | News & Image Organization
ඕනෑම අයකුට 2026 ඔබගේ අයදුම්පත පිරවීමට හැක News and Image සංවිධානයේ වෙබ් අඩවියෙහි ඇති මාධ්‍ය අධ්‍යයන පුහුණුව යන ස්ථානයේ ක්ලික් කර එහි අදාළ අයදුම්පත පුරවා එහි සාමාජිකත්වය තහවුරු කරන්න. එමගින් ඔබට වැඩසටහනේ ලියාපදිංචි අයදුම්කරුවෙක් බවට පත්විය හැක.
නිවැරදිව ලියාපදිංචි කළ අයදුම්පත් ඩවුන්ලෝඩ් කිරීමෙන් පසු
👉 WhatsApp කරන්න: 070 375 0478 | 072 393 0751 (මෙම අංක සඳහා පමණි)
🚨 Register Now — FREE ⚠️ WhatsApp ලියාපදිංචි වීම සීමිතයි 👉 දැන්ම ලියාපදිංචි වන්න!
මාධ්‍ය ක්ෂේත්රයේ දැවැන්තයින්ගේ මඟපෙන්වීමෙන් ඇරඹි ඒ වෘත්තීයමය ගමන් මඟෙහි 05 වන දින පියවර! 🎬🎙️
ශ්‍රී ලංකාවේ ජන සන්නිවේදන අධ්‍යාපනයේ පීතෘවරයෙකු බඳු වූ, කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අංශයේ හිටපු අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මැතිතුමන්, ප්‍රවීණ නීතිඥ නිමල් ජී. පුංචිහේවා සහ මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා වැනි විද්වතුන්ගේ සහභාගීත්වයෙන් ඇසිදිසි මැදුරේදී ඇරඹි “පරිපූරක ජනමාධ්‍ය ආචාර ධර්ම සහ නවක සන්නිවේදන පුහුණු වැඩසටහනේ” ජනප්‍රිය ගීත රචකයෙකු සහ කතුවරයෙකු වන රාජ්‍ය සාහිත්‍ය සම්මානිත ජපානයේ සම්භාවනීය “බුන්කා” සම්මානයෙන් පිදුම් ලැබූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල සමාජ විද්‍යා සහ මානව විද්‍යා අංශයේ හිටපු දෙපාර්තමේන්තු ප්‍රධානි මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර | ශ්‍රී ලාංකේය රූපවාහිනී සහ ගුවන්විදුලි ක්ෂේත්රයේ විශ්වසනීයත්වයේ සලකුණක් වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සාන් විජේතුංග වැනි විද්වතුන්ගෙන් පෝෂිතව සාර්ථකව පිය නගන 05 වන දිනය සඳහා ඔබ සැමට ආරාධනා…!
නවීන මාධ්‍ය කලාව, ආචාරධර්ම සහ තාක්ෂණය පිළිබඳව හදාරන්නට කැමති ඔබ සැම එන්න. හෙට දවසේ වගකීම් සහගත සන්නිවේදකයා ඔබයි!
WhatsApp Chanel හෝ Community ඔස්සේ දී ඇති. උපදෙස් හොඳින් බලන්න කියවන්න විමසිලිමත් වන්න.
🌐 ලියාපදිංචිය සඳහා පිවිසෙන්න: https://newsandimage.org/media-studies-training/
ආසනය වෙන් කිරීම සඳහා ලියාපදිංචි වී තිබීම අනිවාර්ය වේ.
ආසනය වෙන් කිරීම සඳහා ලියාපදිංචි වූ පසු ඔබගේ ලියාපදිංචි අංකය අප වෙත වට්සැප් කර තබන්න. ස්තුතියි…!
උදාහරණ : – Registration No EWOL-0333
මාධ්‍යවේදී නුවන් ප්‍රසන්න සුමනරත්න සහ මාධ්‍යවේදී යොහාන් රසිඳු යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ
වාර්තාකරණය: SUDUSINGHE DEVINDU UTHUM DHARAKA

