“කාන්තාව විමුක්තියේ සැබෑ මාවත සොයයි – සමාජවාදය මඟ පෙන්වයි”
“115 වන ජාත්‍යන්තර කාන්තා දිනය: සටන්කාරී කාන්තාවන්ගේ විමුක්ති අරගලය”
“කාන්තාවන්ට තවමත් දෙවැනි තැන – අයිතිවාසිකම් දිනා ගත් නමුත් සමාජයේ සීමා හමුවේ”
“පිරිමියන් නොව, නවලිබරල් ආර්ථික ක්‍රමය – කාන්තාවගේ සැබෑ සතුරා”
“අසාධාරණයට බයවෙන්න එපා – කාන්තාවන්ට මනුෂ්‍යයෙකු ලෙස ජීවත් වීමට අයිතිය ඇත”
“රැකියාවට ගිය කාන්තාව – සමාජයේ විමුක්ති ඇත්ත කතා කරයි”
“කාන්තාව සටන්කරන්නට එකතු වන්න – අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගමු”
“සමාජ වාදය සහ ස්ත්‍රී විමුක්තිය: 115 වසරක අරගලය”
“කාන්තාවන්ගේ ශ්‍රමය මංකොල්ල කරන නවලිබරල් ආර්ථික ක්‍රමයට එරෙහිව සටනක්”
“මහපොළොවේ අරගලය විශ්වාස කරන කාන්තාවන් නිර්මාණය කරමු”
@@@ වැඩිදුර කියවමු මෙන්න
“සමාජවාදයයි ස්ත්‍රී විමුක්තියේ සැබෑ මාවත” – ජාත්‍යන්තර කාන්තා දිනයේදී නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයෙන් ප්‍රකාශයක්
115 වන International Women’s Day (ජාත්‍යන්තර කාන්තා දිනය) නිමිත්තෙන් “සමාජවාදය ස්ත්‍රී විමුක්තියේ සැබෑ මාවතයි” යන තේමාව යටතේ නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය සංවිධානය කළ කාන්තා දින සැමරුම අද (08) පස්වරු 3.00ට කොළඹ නව නගර ශාලාවේදී ආරම්භ විය.
එහිදී අදහස් දක්වමින් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ සංවිධායක ලේකම් හේමමාලි අබේරත්න මහත්මිය සඳහන් කළේ, මානව ඉතිහාසය පුරාම කාන්තා අයිතිවාසිකම් සඳහා කාන්තාවන් දිගු සටන් වැදී ඇති බවයි.
අධ්‍යාපන අයිතිය, ඡන්ද අයිතිය, රැකියා අයිතිය සහ ප්‍රජනන අයිතිවාසිකම් වැනි මූලික අයිතිවාසිකම් කාන්තාවන් දිනාගෙන තිබුණද, අදත් කාන්තාවන්ට සම්පූර්ණ මනුෂ්‍යයෙක් ලෙස ජීවත් වීමට අවශ්‍ය සමානාත්මතාවය ලැබී නොමැති බවද ඇය කීවාය.
සමාජයේ පවතින සම්මතයන්, සංස්කෘතික සීමා සහ ආගමික කොන්දේසි හේතුවෙන් කාන්තාවන් තවදුරටත් දෙවැනි තැනකට පත් කර ඇති බව ඇය පෙන්වා දුන්නාය.
කාන්තාවට අයිති දරුවන් පෝෂණය කිරීම හා ගෘහස්ථ කටයුතු පමණක් යැයි සිතන තාක් කල් කාන්තා පීඩනය තවදුරටත් පවතිනු ඇති බවද ඇය සඳහන් කළාය.
කාන්තාවන් වැඩබිමට ඇතුළත් වී තිබුණද එය සැබෑ විමුක්තියක් නොවන බවත්, පවතින ධනවාදී හා නවලිබරල් ආර්ථික ක්‍රමය යටතේ කාන්තා ශ්‍රමය අඩු වැටුප් මත සූරාකෑමක් සිදුවන බවත් ඇය ප්‍රකාශ කළාය.
කාන්තා පීඩනයට හේතුව පිරිමින් නොව, පවතින දේශපාලන හා ආර්ථික ක්‍රමය බවත් එය වෙනස් කිරීමෙන් තොරව කාන්තා විමුක්තිය පිළිබඳ කතා කිරීම අර්ථ රහිත බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.
කාන්තා දින සැමරුම් සිදුකරන බොහෝ දේශපාලන පක්ෂ කාන්තාවන් සංවිධානය කරන්නේ මැතිවරණ කාලවලදී ඡන්ද ලබාගැනීම සඳහා බවත්, එවැනි මැදිහත්වීම්වලින් කාන්තාවන්ගේ සැබෑ ගැටලු සඳහා විසඳුම් නොලැබෙන බවත් ද ඇය චෝදනා කළා ය.
අසාධාරණයන්ට බිය නොවී අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන සටන්කාමී කාන්තාවක් සමාජය තුළ නිර්මාණය කළ යුතු බවද ඇය කීවාය.
ඒ සඳහා රට පුරා කාන්තාවන් සහ වැඩකරන ජනතාව එක්වන ලෙසද ඇය රට ලොව ජනතාවගෙන් ඉල්ලා සිටියා ය.

