“රටම එකට” ජාතික මෙහෙයුම: ගතවූ පැය 24 තුළ සැකකරුවන් 1073ක් අත්අඩංගුවට

දිවයින පුරා මත්ද්‍රව්‍ය ජාවාරම සහමුලින්ම මැඩපැවැත්වීමේ අරමුණින් ක්‍රියාත්මක වන “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ 2026 මාර්තු 06 වන දින සිදුකළ වැටලීම්වලදී සැකකරුවන් 1073 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

 

පොලිස්පතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක මෙම මෙහෙයුම හරහා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම සහ මත්ද්‍රව්‍ය ඉල්ලුම අවම කිරීම ඇතුළු බහු විධ ප්‍රවේශයන් රැසක් ක්‍රියාවට නැංවේ.

 

 

වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් පිළිබඳ සාරාංශය

පසුගිය පැය 24 තුළ සිදුකළ වැටලීම්වලදී පහත සඳහන් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පොලිස් භාරයට ගෙන ඇත:

 

 

 

හෙරොයින්: ග්‍රෑම් 381ක් සහ මිලිග්‍රෑම් 329ක් (වැටලීම් 01)

 

 

 

අයිස් (ICE): ග්‍රෑම් 667ක් සහ මිලිග්‍රෑම් 425ක්

 

 

 

ගංජා: කිලෝග්‍රෑම් 05ක් සහ ග්‍රෑම් 192ක්

 

 

 

ගංජා පැල: පැල 26,580ක් (වැටලීම් 246)

 

 

 

මත්පෙති: පෙති 342ක් (වැටලීම් 74)

 

 

 

කොකේන්: ග්‍රෑම් 500ක් (වැටලීම් 03)

 

 

මීට අමතරව කුෂ්, හෂිෂ්, මදනමෝදක සහ මාවා යන මත්ද්‍රව්‍ය වර්ගද පොලිස් භාරයට ගෙන තිබේ.

 

 

නීතිමය පියවර සහ පුනරුත්තාපනය

මෙම මෙහෙයුම්වලට අදාළව පොලිසිය විසින් ගනු ලැබූ ඉදිරි නීතිමය පියවර මෙසේය:

 

 

 

මුළු වැටලීම් සංඛ්‍යාව: 1077

 

 

 

රැඳවුම් නියෝග ලබාගත් සැකකරුවන්: 13

 

 

 

නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කළ සැකකරුවන්: 10

 

 

 

පුනරුත්තාපනය සඳහා යොමු කළ පිරිස: 14

 

 

2025 ඔක්තෝබර් 30 වන දින ආරම්භ කරන ලද මෙම ජාතික මෙහෙයුම, ප්‍රජාව බලගැන්වීම සහ ඇබ්බැහි වූවන් පුනරුත්තාපනය කිරීම කෙරෙහි ද දැඩි අවධානයක් යොමු කරමින් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

 

 

 

මූලාශ්‍රය: පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි නීතිවේදී ෆ්‍රෙඩ්රික් වුට්ලර් මහතා විසින් නිකුත් කරන ලද නිල වාර්තාව.

 

 

————————————————————————————

මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයින්ගේ මඟපෙන්වීමෙන් ඇරඹි ඒ වෘත්තීයමය ගමන් මඟෙහි  05 වන දින පියවර! 🎬🎙️
ශ්‍රී ලංකාවේ ජන සන්නිවේදන අධ්‍යාපනයේ පීතෘවරයෙකු බඳු වූ, කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අංශයේ හිටපු අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මැතිතුමන්, ප්‍රවීණ නීතිඥ නිමල් ජී. පුංචිහේවා සහ මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා වැනි විද්වතුන්ගේ සහභාගීත්වයෙන් ඇසිදිසි මැදුරේදී ඇරඹි “පරිපූරක ජනමාධ්‍ය ආචාර ධර්ම සහ නවක සන්නිවේදන පුහුණු වැඩසටහනේ” ජනප්‍රිය ගීත රචකයෙකු සහ කතුවරයෙකු වන රාජ්‍ය සාහිත්‍ය සම්මානිත ජපානයේ සම්භාවනීය “බුන්කා” සම්මානයෙන් පිදුම් ලැබූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල සමාජ විද්‍යා සහ මානව විද්‍යා අංශයේ  හිටපු දෙපාර්තමේන්තු ප්‍රධානි මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර | ශ්‍රී ලාංකේය රූපවාහිනී සහ ගුවන්විදුලි ක්ෂේත්‍රයේ විශ්වසනීයත්වයේ සලකුණක් වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සාන් විජේතුංග මහතා  /👨‍🎓 කර්තෘ | ප්‍රධාන කර්තෘ | ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි | පිටපත් රචක | රූපවාහිනී හා වේදිකා රංගන ශිල්පී | නාට්‍ය අධ්‍යක්ෂක | මාධ්‍ය සහ ප්‍රචාරණ උපදේශක, දර්ශනපති දයා ශ්‍රී නරේන්ද්‍ර රාජපක්ෂ මහතා / 🎭 ප්‍රවීණ නිදහස් මාධ්‍යවේදි, වාර්තා චිත්‍රපට නිෂ්පාදක සහ බීබීසී සිංහල සේවයේ ආරම්භක සාමාජික, ලේඛක නන්දන වීරරත්න මහතා / 

📡 ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි කොල්වින් ජයවීර මහතා වැනි විද්වතුන්ගෙන් පෝෂිතව සාර්ථකව පිය නගන  05 වන දිනය සඳහා ඔබ සැමට ආරාධනා…!
—————————————————— 

📅 දිනය: 2026 මාර්තු 13 (සිකුරාදා)

 

⏰ වේලාව: සවස 1:30 සිට 5:00 දක්වා

📍 ස්ථානය: කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරය

🌐 ලියාපදිංචිය සඳහා පිවිසෙන්න: https://newsandimage.org/media-studies-training/

0703750478 | 0703750538 | 0783930551 ______________


මාධ්‍යවේදී නුවන් ප්‍රසන්න සුමනරත්න සහ මාධ්‍යවේදී යොහාන් රසිඳු යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ

වාර්තාකරණය: NUWAN PRASANNA SUMANARATHNA


Share.
Leave A Reply