ගල් අගුරු විෂ අළු තිලක දිනයක් සකස් කරන්න යැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගම ය පවසයි.

වෙනස මාරයි, ගෙවලා හමාරයි, පන අඳින නොරොච්චෝලේ – අද රටම විපතකට මුහුණලා ඇති බවත් පරිසරයට විශාල අළු ප්‍රමාණයක් යොමු වීම හමුවේ ආණ්ඩුවේ සමුළුවක් කැඳවා, අලුවලින් ආශිර්වාදයක් ලබා ගත යුතුයි” යැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම්  සංජීව ධම්මික පවසයි.   

මෙම තත්ත්වය නිසා, ජනතාවගේ මුදල් වියදමට ලක්වීමක් සහ පරිසරයට අළු දූවිලි (fly ash) නිකුත් වීමේ අවදානමක් පවතින බවද ඔහු අවධාරණය කළේය.

අද (05) කොළඹ දී පැවැති මධ්‍ය හමුවක දී හෙතෙම මෙසේ ද කීය.

බාල ගල් අඟුරු නිසා නොරොච්චෝලේ බලාගාරයේ විදුලි නිෂ්පාදනය මෙගාවොට් 82 කින් පහතට වැටි ඇති බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසයි.

ගල් අඟුරු කුඩු කරන මෝල් අවහිරවීමෙන් බලාගාරයේ ක්‍රියාකාරීත්වයට දැඩි බලපෑම් සිදුව ඇති බව  විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම්  සංජීව ධම්මික පවසයි.

ESP පද්ධතිය නවතා දැමීමෙන් පරිසරයට fly ash (අළු දූවිලි )නිකුත් වීමේ අවදානමක් ඇති බවත් හෙතෙම කීය.

ජනතාවගේ මුදල් වැය කරමින් ඩීසල් භාවිතයෙන් බලාගාර පවත්වාගෙන යාමේ තත්ත්වයක් ලඟදීම උදාවිය හැකි  බවද ඔහු කීය.

එකොළොස්වන නෞකාව මගින් රටට ගෙනා ගල් අඟුරු භාවිතයට ගැනීමත් සමඟම ලක්විජය නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරයේ බරපතල තත්ත්වයක් උද්ගත වී ඇති බවට තොරතුරු අනාවරණය වී වී ඇති බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය ජාතික ලේකම් සංජීවධම්මික මහතා ප්‍රකාශ කළේ ය.

විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් විසින්ම සඳහන් කර ඇති පරිදි මෙම ගල් අඟුරු භාවිතයට ගැනීමත් සමඟ බලාගාරයේ සමස්ත විදුලි නිෂ්පාදනය මෙගාවොට් 82කින් පහත වැටී තිබෙන බවත් පළමු ඒකකයෙන් 45 MW, දෙවන ඒකකයෙන් 15 MW සහ තෙවන ඒකකයෙන් 22 MW ලෙස නිෂ්පාදනය අඩුවී ඇති බවත් ඔහු කීය.

මෙයට ප්‍රධාන හේතුව වන්නේ භාවිත කරන ගල් අඟුරු වල තත්ත්වය පහළ මට්ටමේ වීම බව පැහැදිලි බවද ඔහු කීය.

මෙම තත්ත්වය තවත් බරපතල මේවන විට තෙවන ඒකකයේ ගල් අඟුරු කුඩු කරන මෝල් දෙකක් අවහිර වීමත් සමඟ බවත් ඒ හේතුවෙන් එම ඒකකයේ විදුලි නිෂ්පාදනය 170 MW පමණ දක්වා පහත වැටී ඇති බවද ඔහු කීය.

ගල් අඟුරු මෝල් යනු බොයිලේරුවට ගල් අඟුරු යැවීමට පෙර ගල් අඟුරු සුක්ෂමව කුඩු බවට පත් කරන යන්ත්‍ර බවත් එක් ඒකකයකට එවැනි මෝල් පහක් පවතින අතර ඒවා අවහිර වූ අවස්ථාවලදී බොයිලර් තුළ ගිනිදැල් ස්ථාවරව තබා ගැනීම සඳහා ඩීසල් භාවිත කිරීමට සිදු සිදුවන බවද ඔහු කීය.

එය විශාල පිරිවැයක් දරන ක්‍රියාවලියක් වන අතර අවසානයේ එම බර වැටෙන්නේ ජනතාව මත බවද ඔහු ප්‍රකාශ කළේ ය.

තවත් බරපතල කරුණක් වන්නේ ඩීසල් භාවිතය ඉහළ යාමත් සමඟ බලාගාරයේ Electrostatic Precipitator (ESP) පද්ධතිය තාවකාලිකව නවතා දැමීමට සිදුවීම බවත් එමඟින් විශාල ප්‍රමාණයේ fly ash (අළු දූවිලි) පරිසරයට නිකුත් වීමේ අවදානමක් මේ වන විට පවතින බව ද හෙතෙම සඳහන් කළේ ය.

විදුලිබල මණ්ඩලයේ වගකිවයුතු නිලධාරීන් මීට පෙර “බාල ගල් අඟුරු භාවිත කළද බලාගාරය ගැටලුවකින් තොරව පවත්වාගෙන යා හැකි” බව ප්‍රකාශ කළද, නව ගල් අඟුරු භාවිතයට ගත් පළමු දිනය තුළම බලාගාරයේ ගැටලු මතුවීම එම ප්‍රකාශයන්ගේ සත්‍යතාව පිළිබඳ බරපතල සැකයක් මතු කරන බවද ඔහු සඳහන් කළේ ය.

ඒ අනුව බාල ගල් අඟුරු ආනයනය කිරීම පිළිබඳව සම්පූර්ණ පරීක්ෂණයක් සිදුකර, ජනතාවගේ මුදල් සහ පරිසරය විනාශ කරන මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශවයන්ට එරෙහිව කඩිනම් නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව ඔහු සඳහන් කළේ ය.

Share.
Leave A Reply