“ළමා පිටියෙන් යුධ හමුදාව හරහා රිදී තිරයට” අවුරුදු 90ක කලා–ජීවන ගමනක ජීවමාන සාක්ෂිය – ඇන්ඩෲ චාල්ස් කීර්තිරත්න සොයා ගිය සුන්දර ගමන
“ළමා පිටියෙන් රිදී තිරයට ගමන් කළ මේ අපේ කාලයේ කලා කරුවා අවුරුදු 90ක නොනවතින කලා ගමන” අදටද වටනේ ය. අපේ කාතාන්දරයේ කතා නායකයා “සෙන්කඩගලෙන් සිනමා තිරයට – ජීවමාන කලා ඉතිහාසයක්” ගෙන දුන් රංගන ශිල්පියෙකි.
“රට රැක කලා ජීවත් කළ මිනිසා” යැයි අප ඔහුට පවසන්නේ අපේ කතාන්දරයේ කතා නායකයා “යුධ හමුදා නිලධාරියෙක් වූ කලා නළුවා” යැයි පවසන්නටද හැකිය. “කාලය ජයගත් රංගන මතක සම්බන්ධ කරන ඇන්ඩෲ චාල්ස් කීර්තිරත්න” සත්තකින්ම අඟනා කලා කරුවෙකි.
ඔහුගේ වයස අවුරුදු 90 කි.තවමත් කලා මතක ජීවමානයි බව ඔහු අප සමඟ පැවසූවේය.
“ළමා පිටියෙන් බිහි වූ සිනමා චරිතාංග නළුවා” යැයි ද අපට ඔහු නම් කළ හැකිය. “රිදී තිරය ජයගත් සෙන්කඩගල විරවා” යන නමින් ලංකා කලා කෙත තුළ ඔහුගේ චරිතය අදටද ලාංකීය සිනමාවේ රසවත් වූ චරිතයකි.
“චිත්‍රපට 16ක්, අවුරුදු 90ක් – එකම ජීවිතයක්” ගත කරන මෙම සුන්දර මිනිසා ගේ කතාන්දරය සත්තකින්ම ක්‍රියාදාම චිත්‍රපටයක් වැනිය.
“සිනමා, වේදිකා, යුධ හමුදා – අද්භූත ජීවිත කතාවක්” යැයි පවසන්නටද ඔහු සමඟ කළ කථිකාවේදි අපහට දැනගත හැකි විය.
“මට ජීවිතයෙන් හැමදේම ලැබුණා” – ජීවමාන කලා පුරාවෘත්තය වගේ මගේ කතාව ඔහු දිගින් දිගටම කතා කරන්ට විය. “කලාවත්, රටත් එකම මනසකින් රැකගත් මිනිසා” යැයි මට සිතේ.
මට මගේ අතීතය මතකයි. “අතීතය අමතක නොවන නළුවා” යැයි මට සමහරු පවසන්නේ මේ නිසා විය හැකියි.ඔහු කීය. “කාලයත් සමඟ නොමැකෙන රංගන මතක” ඔහු සතු ව තිබු බව දැකිය හැකිය.
“අවුරුදු 90ක කලා මතක” රටට තිළිණ කරමින් “රිදී තිරයේ සෙන්කඩගල නාමය” දිගු ගමනකට යොමු කරමින් “කලාව ජීවත් කළ සොල්දාදුවාගේ ” කතාව සත්තකින්ම අගනේ ය.
සෙන්කඩගල පුරවරයේ අංක 218, කොළ වීදියෙන් ඇරඹුණු එක් සාමාන්‍ය දරුවෙකුගේ ගමන, අද ශ්‍රී ලාංකීය කලා ඉතිහාසයේ අමතක නොවන පිටුවක් බවට පත්ව ඇත. 1936 පෙබරවාරි 01 දින උපත ලැබූ ඇන්ඩෲ චාල්ස් කීර්තිරත්න, මේ වනවිට වයස අවුරුදු 90ක් සම්පූර්ණ කරමින්ද, ජීවිතය ගැන තවමත් සිනාවෙන් කතා කරන ජීවමාන කලා පුරාවෘත්තයකි.
දැවැන්ත ධනපතියෙකු වූ, හිදගල තේ කර්මාන්ත ශාලාවේ අධිකාරීවරයෙකු ලෙස සේවය කළ චාල්ස් කීර්තිරත්න මහතාගේ සහ ගෘහණියක වූ මියුරියල් චාල්ස් කීර්තිරත්න මහත්මියගේ පවුලේ, පිරිමි දරුවන් තුන්දෙනෙකු සහ ගැහැණු දරුවන් දෙදෙනෙකු අතර දෙවැනි දරුවා වූයේ ඔහුය.නැති නම් අපේ කතාන්දරයේ කතා නායකයාය.
“මම දෙවැනියා… ඒත් ජීවිතයේ හැම මාර්ගයක්ම මට හමුවුණා” යැයි ඔහු සිනාවෙන් කියයි.
මහනුවර ශාන්ත පාවුල් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඇන්ඩෲ, දමිළ හා ඉංග්‍රීසි භාෂා ඉගෙන ගැනීම සඳහා කොළඹට පැමිණ රේවන විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබයි. එය ඔහුගේ ජීවිතය නව මංසන්ධියකට ගෙනගිය පියවරක් විය.
රට වෙනුවෙන් ජීවිතය කැප කළ සොල්දාදුවෙකු ලෙස, ඔහු ලංකා රයිෆල් පොලිස් කණ්ඩායමට එක්ව පසුව ශ්‍රී ලංකා යුධ හමුදාව සමඟ සම්බන්ධ වෙයි. වසර 30කට අධික කාලයක් රටේ ආරක්ෂාව සඳහා සේවය කළ ඔහු, යුධ හමුදාවෙන් විශ්‍රාම ගත් පසු මහනුවර මහ ලේකම් කාර්යාලයේ තැපැල් හලේ සහකාර තැපැල් නිලධාරියෙකු ලෙසද සේවය කළේ ය.
එහෙත්, ඔහුගේ ජීවිතයේ සැබෑ ආශාව රැඳී තිබුණේ කලාව තුළය. “මගේ කලා ගමන ඇරඹුණේ ළමා පිටියෙන්” ගුවන් විදුලියේ ‘ළමා පිටිය’ ඔහුට මෙන්ම මේ රටට බිහි කළ කලාකරුවන් රැසකටම තෝතැන්නක් විය. එතැන් සිට චිත්‍ර අඳින්නට, කැමරාකරණයට, රංගනයට ඔහුගේ දක්ෂතා පියවරෙන් පියවර මතු ව ගමන් කළේ ය.
මම සිනමාවට සම්බන්ධ වන්නේ පවුලේ උරුමයක් ඇතිව. මගේ පවුලේ සියලුම වගේ කලාවට සම්බන්ධයි. අපේ අම්මාගේ සහෝදරි තමයි ප්‍රවීන නිලි පුෂ්පා ජෙනට්. ඇය සමඟ මම කටයුතු කලා. රට පුරා ඇය සමඟ චිත්‍රපට රූ ගත කරන අවස්ථාවලට සම්බන්ධ වුනා.
මේ අනුව ඇය මට චිත්‍ර පටවලට සම්බන්ධ කරන්නට කටයුතු කළා. පුෂ්පා ජෙනට් මගේ නැන්දා .මේ අනුව ඒස්. ඩී. ඒස් සෝමරත්න මහතාට මම සම්බන්ධ කර මෙම ගමනට සම්බන්ධ වුනා. ඩබ්ලිව්.ඒ් සිල්වා ද මට සහයෝගය දුන්නා. ලෙනාඩ් කොස්තා කැමරා ශිල්පියා සමඟ කටයුතු කළා කැමරා කරණයට ද ඔහු සමඟ සම්බන්ධ වුනා.
මේ අනුව චිත්‍රපට රැසකට සම්බන්ධ වුනා. ඔක්කොම හරි, ඔබදුටු දා, ඉපදුනේ ඇයි, නළඟන, වනලිය, අවිස්වාසය, ආලය කළ තරුණිය, දස්කම යන චිත්‍රපට සමඟ සම්බන්ධ ව විවිධ චරිත, සහාය චරිතවලට සම්බන්ධව කටයුතු කරන්නට හැකි වුනා. මේ චිත්‍රපටවලට සම්බන්ධ වු නිසා මට විවිධ සම්මාන රැසක් ලැබුනා. මේ සියලුම සම්මානවලට වඩා මම කැමතියි,ජනතාවගේ සම්මානයට මාවපාත්ර වීම යැයි ඔහු කීය.
“දෙයියන්ගේ රටේ” ඔහුගේ පළමු සිනමා පියවර විය. එයින් පසු “එක්කොම හරි”, “ඉපදුනේ ඇයි”, “යටගිය දවස” වැනි චිත්‍රපට රැසක චරිතාංග නළුවෙකු ලෙස රංගනයෙන් දායක වූ ඔහු,“ආලයක් නිසා” සහ “සීලවතී” වැනි ජනප්‍රිය වේදිකා නාට්‍යවලින්ද ප්‍රේක්ෂක සිත් දිනාගත් බව ඔහු කීය.
චිත්‍රපට 16කට අධික ප්‍රමාණයක ඔහුගේ රංගනය අදත් සිනමා රසිකයන්ට මතකය. විශේෂත්වය වන්නේ, ඔහු ශ්‍රී ලංකාව තුළම සීමා නොවී, විදෙස් චිත්‍රපට රැසකටද දායක වීමය. ඉන්දියානු නළු නිළියන් සමඟත්, මෙරට ප්‍රවීණ නළු නිළියන්, ගායක ගායිකාවන් සමඟත් ඔහුගේ කලා සම්බන්ධතා දිග හැරෙයි.
මම මේ චිත්‍රපටවලට සහභාගි වුනා. කැප කිරිමක් කළා. පුදුම දැනුමක් ලැබුනා. අනික ප්‍රවින නළු නිලියන් සමඟ ගාමිණි, ජෝ, වගේ 60- 70 දශකයේ නළු නිළියන් සමඟ සම්බන්ධ වී වැඩ කටයුතු කළා. මේ අතීතිය මට තවමත් මතක් සුන්දරයි. කලා කටයුතුවල යෙදීම අදටත සතුටුයි.
අද ඔහු සතු වසර 70–80 කට වඩා පැරණි, ශ්‍රී ලංකාවේ පවතින පැරණිතම සමරු සටහන් පොතක් තිබේ.
එහි දෙස් විදෙස් කලාකරුවන්, දේශපාලනඥයන් ඇතුළු ප්‍රසිද්ධ චරිත රැසක අත්සන් සුරක්ෂිතව තැන්පත් වී ඇත. එය කලා ඉතිහාසයේ අගනා සාක්ෂියකි.
දේශපාලනයට ද ඔහු අතිශය ආසන්න විය. බණ්ඩාරනායක පවුල සමඟ සමීපව කටයුතු කළ ඔහු, ජනතා විමුක්ති පෙරමුණ සමඟද සම්බන්ධ විය. 2000 වසරේ “මල්පොච්චිය” ලකුණින් කොළඹ දිස්ත්‍රික්කයට පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ වැදුණු ඔහු, එම අවස්ථාවේදී වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කළ බව අදත් සිහිපත් කළේ ය.
අද ඔහු සතුටුදායක පවුල් ජීවිතයක නායකයෙකි. බිරිඳ ලීනා චාල්ස් කීර්තිරත්න මහත්මිය ඔහු සමඟ අදටත් ජීවිතය බෙදාගනී. පුත්‍රයා චමිල තුෂාර චාල්ස් කීර්තිරත්න මහතා ඇමරිකාවේ එක්සත් ජාතින්ගේ සංවිධානය සමඟ සේවය කරන අතර, දියණිය රුවිනී චාල්ස් කීර්තිරත්න මහත්මිය ව්‍යාපාරික ක්ෂේත්රයේ සාර්ථකව කටයුතු කරන්නීය.
මම රස රහසක් කියන්න ද? මම යාලුවෙලා හිටාය ගැණු ළමයෙක් සමඟ ආදර සම්බන්ධයක් ඇති කරගෙන සිටියා වසර 8ක්. මම ඇයට ආදර හසුන් 800 කට වැඩිය ලීවා. ආදර හසුන් සියල්ලම ඒකතු කළාම නව කතාවක් වගේ මේකත් හරියට චිත්‍රපටයක් වගේ අපේ කාලයේ ආදර වන්තයන්ගේ දිනයක් තිබුනේ නෑ ඒ් දවස්වල මෙහෙම දවසක් වෙන් කරලා තිබුනද කියලා මතක නෑ. නමුත් අපි හැමදාව ආදරය කළා. ආදරයෙන් සිටිය. මේ නිසා තමයි වයස අවුරුදු 90 වුනත් මම තාමත් තරුණයි.මම තාමත් ආදරයට කැමැතියි….
“මට ජීවිතයෙන් අවශ්‍ය හැමදේම ලැබුණා. රටට සේවය කළා, කලාව ජීවත් කළා, අදත් සතුටින් ඉන්නවා” යැයි අපේ කතා නායකයා කීය. මේ වචන, ඇන්ඩෲ චාල්ස් කීර්තිරත්න නම් වූ මේ ජීවමාන කලා ඉතිහාසයේ සරල නමුත් ගැඹුරු සාරාංශයයි. කලාලොව දිගු ගමනක් ගිය සිනමාවට කීර්තියක් සටහන් කළ කරන ඇන්ඩෲ චාල්ස් කීර්තිරත්න කලා කරුවාට අප සුභ පතමු.

