තානාපති කාර්යාල හා විදේශ ආයතනවලට විශේෂ ආරක්ෂාව තර කරන්නටද පියවර.

ශ්‍රී ලංකාවේ විදේශ ජාතිකයින්ගේ ආරක්ෂාව තරගාත්මක ලෙස තහවුරු කිරීමට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

ශ්‍රී ලංකාවේ සංචාරය කරන සහ රැඳී සිටින සියළුම විදේශ ජාතිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලීසිය තීරණය කර තිබේ.

ගෝලීය මට්ටමින් මතුව ඇති අර්බුදකාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, රට තුළ කිසිදු ආරක්ෂක අඩුවක් නොවීමට හා ජාතික ආරක්ෂාව සහ සාමය සුරක්ෂිතව පවත්වා ගැනීමට මෙම තීරණය ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

තානාපති කාර්යාල හා විදේශ ආයතනවලට විශේෂ ආරක්ෂාව තර කරන්නටද පියවර.

දිවයින පුරා පිහිටි තානාපති කාර්යාල, මහ කොමසාරිස් කාර්යාල, ඒවාට අනුබද්ධ නිල නිවාස සහ වෙනත් ආයතන සඳහා ආරක්ෂාව දැඩි කර ඇත. ඒ සඳහා සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති අතර, අවශ්‍ය ආරක්ෂක සැලසුම් ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබා දී තිබේ.

සංචාරක ස්ථාන හා වාසස්ථාන 24 පැය ආවරණය වන පරදි මෙම ආරක්ෂාව තහවුරු කර තිබේ.

ශ්‍රී ලංකාවේ සංචාරය කරන විදේශිකයන් රැඳී සිටින හෝ සංචාරය කරන, හෝටල් සහ නේවාසික ගොඩනැගිලි,සංචාරක ආකර්ෂණීය ස්ථාන,වෙළඳ මධ්‍යස්ථාන, ආගමික ස්ථාන යන ස්ථාන 24 පැය ආරක්ෂක ආවරණය යටතට ගෙන ඇති බවත්, විශේෂ නිරීක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මේ අනුව තීරණයකර තිබේ.

ආරක්ෂක තත්ත්වය අනුව අවශ්‍ය වුවහොත් ත්‍රිවිධ හමුදා සහාය ලබා ගැනීමටද උපදෙස් ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය තහවුරු කළේ ය.

මෙම නව ආරක්ෂක වැඩපිළිවෙළ ශ්‍රී ලංකාව සංචාරකයන් සඳහා ආරක්ෂිත ගමනාන්තයක් ලෙස පවත්වාගෙන යාමට සහ ජාත්‍යන්තර ප්‍රජාවට විශ්වාසය ලබාදීමට ගත් පියවරක් බවද පොලිසිය සඳහන් කළේ ය.

Share.
Leave A Reply