සහෝදර ආණ්ඩුව කුඹුරට බැස තණ කොළ කන ගමන් වී කිලෝවක් රුපියල් 150 ට ගන්නවා කීයා ගොන් පාට් දමා ගොවියා අද වන විට අසරණ කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ගොවියාගේ වී මිල දී ගන්න හරිහමන් වැඩපිළිවෙළක් අද ආණඩුවට නොමැති බව ද විපක්ෂ නායක වරයා පැවසීය.
සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අනුරාධපුර ශ්‍රී සුගත මහා විහාරයේ පැවති පෞරාණික සිද්ධස්ථාන පුනර්ජීව කවය වැඩසටහනට එක් වූ අවස්ථාවේදීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ හෙතෙම මෙසේ ද කීය.
වත්මන් රජය වී කිලෝවට රුපියල් 120 ක් පොරොන්දු වුවත් දැන් වී අලෙවි වන්නේ රුපියල් 60ට, 70ට සහ 80ට බවත් ඔහු කීය.
රජයේ වගකීම වන්නේ ගබඩා විවෘත කිරීම බවත් මාධ්‍ය හරහා වී ගන්නවා යැයි කිව්වත් ඒවා ප්‍රායෝගිකව සිදුවිය යුතු බව ද හෙතෙම කීය.
රජය රුපියල් 120ට වී ගන්නවා යැයි කියන්නේ සියයට 14 ට තෙතමනය සහිත වී වුවත් පසුගිය මැතිවරණ කාලයේ තණකොළ කන ගමන් වී කිලෝවක මිල රුපියල් 150 කිරීම පාර්ලිමේන්තුවේ නීතියක් බවට පත් කරන බවට පැවසූ බව ද කීය.
මේ නිසා ගොවියත් මේ රජයට ඡන්දය දී අද වන විට අනාථ වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසී ය.

