පක්ෂ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වන්නේ, ශ්‍රී ලංකා නාවික හමුදාව එක්සත් ජනපද අණදෙන ව්‍යුහයන් යටතේ ඒකාබද්ධ මෙහෙයුම්වලට එක්වීම රටේ ස්වෛරීභාවයට හා නොබැඳි විදේශ ප්‍රතිපත්තියට බරපතල තර් ජ නයක් බවයි.
Montana National Guard සමඟ අත්සන් කළ State Partnership Program (SPP) ගිවිසුමද විදේශ හමුදා ව්‍යුහයන්ට රට තුළ ප්‍රවේශය ලබාදීමක් ලෙස ඔවුන් චෝදනා කරයි.
එමෙන්ම ඉරානය සම්බන්ධයෙන් ඇතිවිය හැකි ගැටුම් තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකාව යුද්ධයකට ඇද වැටීමේ අවදානමක් පවතින බවද එම පක්ෂය අවධාරණය කර තිබේ.
මෙම කරුණු පිළිබඳව රජය මෙතෙක් නිල ප්‍රතිචාරයක් නිකුත් කර නොමැත.

