දිඹුලාගල ප්‍රදේශයේ සිරිපුර පහල යක්කුරේ ගම්මානයේ වයස අවුරුදු 15ක් වන දැරියකට තියුණු ආයුධයකින් පහර දී බරපතල තුවාල සිදුකළ බව කියන ඇයගේ ලොකු අම්මා අත්අඩංගුවට ගත් බව සිරිපුර පොලිසිය පවසයි.
පොලිසිය සඳහන් කරන්නේ, පියා හා මව නොමැති මෙම දැරිය ආච්චිගේ නිවසේ සිට ලොකු අම්මාගේ නිවසට ගිය අවස්ථාවේදී මෙම ප්‍රහාරයට ලක්ව ඇති බවයි.
බරපතල තුවාල ලබා ඇත්තේ නුවරගල පහළ යක්කුරේ අංක 233 ලිපිනයේ පදිංචි එච්.එම්. ගගනී නිඳුරංගනා හේරත් යන අය බව වාර්තා වේ. ඇය පහල යක්කුරේ කනිෂ්ඨ විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි.
තුවාල ලැබූ දැරිය ප්‍රථමයෙන් දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව පොළොන්නරුව මහ රෝහල වෙත මාරු කර ප්‍රතිකාර ලබාදෙමින් පවතී.
දැරියගේ පියා ලංකා ගමනා ගමන මණ්ඩලය පොළොන්නරුව ඩිපෝවේ සේවය කරමින් සිටියදී මාස හතරකට පෙර මියගොස් ඇති අතර, මව ද පවුල හැර ගොස් ඇති බැවින් ඇය ආච්චි සමඟ ජීවත් වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් 47 හැවිරිදි ලොකු අම්මා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය පොළොන්නරුව මහේස්ත්‍රත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධියට සම්බන්ධ ස්ථානය සහ ආයුධය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පොලිසිය විසින් සිදු කරමින් පවතී

