මේ අනුව “ආරෝග්‍යා” ව්‍යාපෘතියෙන් අද (02) දින සිට ඉවත්වෙන බව ද රජයට අවසන් අනතුරු ඇඟවීමක් අප මේවන විට සිදු කර ඇති බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසීය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දීපව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ග හතක් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් එම ක්‍රියාමාර්ග තවත් තීව්‍ර කිරීමට ඒකමතිකව තීරණය කර ඇතැයි ද හෙතෙම කීය.
වෛද්‍යවරුන් හා රෝහල් පද්ධතිය සම්බන්ධයෙන් ලබාදුන් ලිඛිත එකඟතා ක්‍රියාත්මක නොකිරීම, දීමනා හා සේවා ගැටලු විසඳීමට කාල රාමුවක් ලබා නොදීම යන කරුණු හේතුවෙන් මෙම තීරණයට එළඹ ඇති බව ද ඔහු කීය.
ප්‍රධාන තීරණ වශයෙන් රෝහල් තුළ නොමැති ඖෂධ, උපකරණ සහ රසායනාගාර පරීක්ෂණ සඳහා බාහිර නිර්දේශ නිකුත් කිරීම අත්හිටුවීම,ප්‍රමාණවත් පහසුකම් නොමැතිව රෝගීන් පරීක්ෂා කිරීමෙන් ඉවත් වීම,විශේෂඥ වෛද්‍යවරුන් ආවරණ රාජකාරිවලින් ඉවත් වීම,දේශපාලන අරමුණු සහිත සෞඛ්‍ය කඳවුරු හා සායනවලින් ඉවත් වීම ට තිරණය කළ බවද ඔහු ප්‍රකාශ කළේ ය.
එමෙන්ම “ආරෝග්‍යා” ව්‍යාපෘතිය දේශපාලන සංදර්ශනමය ව්‍යාපෘතියක් බවට පත්ව ඇති බව චෝදනා කරමින් අද (02) සඳුදා සිට එම ව්‍යාපෘතියෙන් ඉවත් වීමටද තීරණය කර ඇති බවද ඔහු සඳහන් කර සිටියේ ය.
සංගමය අවධාරණය කරන්නේ, සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳීමට සූදානම් වුවද, රජය විසින් සාධනීය මැදිහත්වීමක් සිදු නොකළහොත් වෘත්තීය ක්‍රියාමාර්ග තවත් ශක්තිමත් කරන බව ද හෙතෙම කීය.
මෙම තීරණ හේතුවෙන් රට පුරා රෝහල් සේවා කටයුතු බලපෑමකට ලක්විය හැකි බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය.

