රටේ ආහාර සුරක්ෂිතතාව සහ කෘෂිකර්මාන්තයට අවශ්‍ය ඉඩම් වෙන් කරන අතරම, නව ආර්ථික උපායමාර්ගවලට අනුරූප වන පරිදි යම් ඉඩම් ප්‍රමාණයක් නිදහස් කිරීම රජයේ අරමුණයි  ජනපති කියයි.

දේශපාලකයන් විසින් රටේ ඉඩම් අවභාවිත කිරීමේ සංස්කෘතිය

වත්මන් රජය අවසන් කළා -නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය
එච්.එම්.  සුසිල් රණසිංහ මහතා කියයි.

පළමුවතාවට දේශපාලන අරමුණකින් තොරව ඉඩම්වල අයිතිය ජනතාවට හිමි වෙනවා ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතා කියයි.

නැව් ගමනාගමනය සහ ගුවන් ගමනාගමනය, මුළුමනින්ම නතර වී බොහෝ රාජ්‍යයන් තමන්ගේ සීමාවලට කොටු වූ කොවිඩ් වසංගය හමුවේ ආහාර සුරක්ෂිතතාවයේ වැදගත්කම ලෝකයටම ඇඟිල්ලෙන් ඇන පෙන්වා දී තිබෙන අතර, රටක ආහාර සුරක්ෂිතතාව ජාතික ආරක්ෂාවටත්, පුරවැසියාගේ ආරක්ෂාවටත් ඉතා වැදගත් බවත්, ඒ අනුව මෙරට ආර්ථිකයේ ප්‍රධාන කොටසක් ලෙස ආහාර සුරක්ෂිතතාව සඳහා සැලසුම් සකස් කරන අතරම  විධිමත් අධ්‍යයනයකින් පසු යම් ඉඩම් ප්‍රමාණයක් නව ආර්ථික උපායමාර්ගවලට අනුරූප වන පරිදි  නිදහස් කිරීමටද රජය සැලසුම් කර තිබෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ අද (27) පස්වරුවේ අනුරාධපුර කොරකහවැව උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර පිළිගැන්වීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.

Share.
Leave A Reply