ආණ්ඩුව ජනතාවට වගකියනවා නම් ගල් අඟුරු වංචාවේ මහමොළකරුවන් අනාවරණය කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අද වන විට අප රටේ ගල් අඟුරු ආනයන ක්ෂේත්‍රය බරපතළ අර්බුධයක මුහුණ දී ඇති බවත් රජය හදිසි ටෙන්ඩරයක් ක්‍රියාත්මක කරමින් සිටින බවත්  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සාමාන්‍යයෙන් SPOT (කුඩා ප්‍රමාණ, කෙටි කාලය) හෝ TERM (වැඩි ප්‍රමාණ, දිගු කාලය) ටෙන්ඩර ක්‍රමයෙන් ගල් අඟුරු මිලදී ගන්නා අතර, මේ අවස්ථාවේ හදිසි මිලදී ගැනීමක් සිදු කර ඇති බවද ඔහු කීය.

වසරකට ගල් අගුරු නැව් 36 ක් අවශ්‍ය බවත් ගුණාත්මක රුසියානු නැව් 11ක් පමණක් පැමිණ ඇති බවත් ඔහු සඳහන් කළේ ය.

තවත් නැව් 25ක් වෙනත් ටෙන්ඩර මගින් ආනයනය කරන කර ඇති බවත්  එමගින් ගෙන ආ 10න් 9ක් බාල ගල් අඟුරු බවට තහවුරු වී ඇති බවද ඔහු සඳහන් කළේ ය.

බාල ගල් අඟුරු නිසා මෙගාවොට් 300 විදුලි නිපැයුමක් සිදු කළ නොහැකි වූ බවද හෙතෙම අවදාරනය කළේ ය.

හදිසි මිලදී ගැනීම ජනතාව, විදුලි පාරිභෝගිකයන් සහ රටට විශාල මූල්‍ය පාඩුවක් සිදුව ඇති බවද ඔහු කීය.

මේ අනුව ගල් අඟුරු වංචාවේ මහමොළකරුවන් කවුද කියා රජය අනාවරණය කළ යුතුයි. මෙම වංචාව පිළිබඳ සත්‍ය තොරතුරු රටට හෙළි කළ යුතුයි. මහමොළකරුවා සම්බන්ධයෙන් රජයේ තීරණය ජනතාවට වහාම  පැහැදිළි කළ යුතුයි.

අකාර්යක්ෂම අවිධිමත් ගල් අඟුරු මිලදී ගැනීමේ ක්‍රමවේදය සහ බාල ගල් අඟුරු භාවිතය නිසා රටට, ජනතාවට, විදුලි පාරිභෝගිකයන්ට විශාල මූල්‍ය පාඩුවක් සිදු වී ඇති බවත්, මහමොළකරුවන් අනාවරණය කර සත්‍ය හෙළිදරව් කිරීම රජයේ වගකීමක් බව විපක්ෂ නායකවරයා අවදාරණය කළේ ය.

Share.
Leave A Reply