ධීවර කටයුතු ආශ්‍රිත කිමිදුම්කරුවන් සඳහා හදිසි අනතුරු ජීවිත රක්ෂණ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති   පේමසිරි ජාසිංආරච්චි පැවසීය.

කෘෂිකර්ම, පශු සම්පත්ඉඩම් හා වාරි මාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් ධීවර කිමිදුම් කටයුතුවල නිරත ධීවර කාර්මිකයන් උදෙසා නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇති බව හෙතෙම සඳහන් කළේ ය.

කිමිදුම්කරුවන් සඳහා රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙන ලෙස කලක සිට කිමිදුම්කරුවන්ගේ සංගමය විසින් හා ඒ ආශ්‍රිත ධීවර කටයුතු වල නියැලෙන ධීවර කාර්මිකයන් විසින් ඉල්ලීම් කර තිබුනු බවත් ඔහු සඳහන් කළේ ය.

එහි ප්‍රතිඵලයක් ලෙස මෙම කිමිදුම් කරුවන් සඳහා වන විශේෂිත රක්ෂණ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බවදඔහු කීය.

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් “ යන රාජ්‍ය   ප්‍රතිපත්තිය මත කිමිදුම්කරුවන්ගේ ජීවිත අවදානම කළමනාකරණය කිරීමට  ප්‍රමුඛත්වය ලබාදෙමින්  මෙම රක්ෂණ යෝජනා ක්‍රමය ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා තිබෙන බවත් හෙතෙම කීය.

ඒ අනුව ධීවර කටයුතු ආශ්‍රිතව ධීවර කර්මාන්තයට අදාලව කිමිදුම් කටයුත්තක නිරතව සිටියදී රක්ෂිතයාට සිදුවන මරණයකදී රු.1,200,000/- (රුපියල් ලක්ෂ දොළහක්) ලබාදීම සිදු කරන බවද ඔහු සඳහන් කළේ ය.

මුහුදේදී හෝ මිරිදිය ජලාශයක ඇතුළත කිමිදුම් කටයුත්තක නිරතව සිටින අතරතුරදී ඇතිවූ අනතුරක් හේතුවෙන් රක්ෂිතයාට සිදුවන තාවකාලික අකර්මණ්‍ය වීම්ද මෙම යෝජනා ක්‍රමය මගින් ආවරණය කරනු බවත්, මෙහිදී රු.1,200,000/-, රු.1,500,000/-,   රක්ෂණ ආවරණ සහිත විවිධ යෝජනා ක්‍රම හදුන්වාදී ඇති  අතර වර්ෂයකට  රක්ෂණ ආවරණයක් වෙනුවෙන්  ධීවර කාර්මිකයා ගෙවිය යුතු වන්නේ  රු.1920/- මුදලක් පමණක් බවද හෙතෙම කීය.

Share.
Leave A Reply