මනුෂ්‍යත්වය, ප්‍රජාතන්ත්‍රවාදය සහ ලෝක සාමය කරා රජය නිවැරදි ගමනක ගමන් කරන බවද හෙතෙම කීය.
කම්කරු අමාත්‍ය ආචාර්ය අනීල් ජයන්ත ප්‍රනාන්දු කොළඹින් අද (26) පැවති වැඩසටහනකට සසහභාගි වෙමිනි.
කම්කරු අමාත්‍ය හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනීල් ප්‍රනාන්දු මහතා අවධාරණය කළේ මනුෂ්‍යත්වයට ගරු කරන රාජ්‍යයක් ගොඩනැගීම සඳහා සියලු පාර්ශව එකම මඟක ගමන් කළ යුතු බවයි.
අපි එවැනි දේශපාලනයක් නොකරනවා කියලා පොරොන්දු වෙන්නෙ නැහැ. අපි එය ක්‍රියාවෙන්ම පෙන්නුම් කරලා තියෙනවා යැයි ඔහු සඳහන් කළේ ය.
අතීතයේ රජයන් වැරදි මඟට යාමෙන් පද්ධතියම අක්‍රමික වී දූෂණ හා වංචා වර්ධනය වූ බව ඔහු සිහිපත් කළේය.
රජය නිවැරදි මඟක ගමන් කළොත්, සියලු දෙනාටත් එම මඟට අනුගත වීමට සිදු වෙනවා. එවිට කිසිවෙකුට අරමුණෙන්ම එම මඟෙන් හැරෙන්න බැහැ යැයිද ඔහු අවධාරණය කළේය.
මෙම නිවැරදි මඟ මනුෂ්‍යත්වය, ප්‍රජාතන්ත්‍රවාදය සහ ලෝක සාමය කරා ගමන් කරන මඟක් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

