කිඹුලාපිටිය ප්‍රදේශයේ රත්නාලංකා සමාගම මගින් පවත්වාගෙන ගිය ආපන ශාලාවට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණ නියෝගයක් මත දින 7ක් පුරා වසා දැමීමට (26) නියෝග කර ඇත.
මෙම ආපනශාලව තුල ඉදිකර ඇති වැසිකිළි අපද්‍රව්‍ය සහ මුළුතැන්ගෙයි අපද්‍රව්‍ය සියල්ලම ආපනශාලාවේ පිටුපස පවතින ඇල මාර්ගයට මුදාහරිනු ලබන අතර එම අපද්‍රව්‍ය ඇලමාර්ගය හරහා දියවන්නාවට එකතු වන බවද කරන ලද පරික්ෂා කිරීම් වලදී තහවුරු වී ඇතැයි මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කාර්යාලයේ ප්‍රකාශකයෙකු පැවසුවේය.
අඩි 20ක පමණ දිගින් යුතු කන්ට්‍රේන පෙට්ටියක් තුල පහසුකම් අවම මට්ටමකින් පවත්වාගෙන යන මෙම ආපනශාලාව මීයන්, කැරපොත්තුන් වැනි සතුන්ගේ අසූචි වලින් මුළුතැන් ගෙය අපවිත්‍ර වී තිබෙන බව එය පරික්ෂා කිරිම ගිය මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට දැක ගත හැකි වී ඇතැයි එම ප්‍රකාශකයා කීය.
මෙම ආපනශාලාවේ ඉවත ලන කැළි කසළ යාබද පිහිටි නාගරික සංවර්ධන අධිකාරිය සතු හිස් ඉඩමක් වෙත ඉවත ලන අයුරුද දක්නට ලැබුණ බවත් මුළුතැන්ගේ පවත්වාගෙන යන ස්ථානයේ කන්ට්‍රේන තහඩු මීයන් විසින් කා දමා සිදුරු සාදා තිබූ බව ද නිරීක්ෂණය වී ඇතැයිද හෙතෙම පැවසු
එම ආපනශාලාව පවත්වාගෙන යාමෙන් උපයන ලාභය මහාභාණ්ඩාගාරය වෙත යොමු කරන බවද එහි නිලධාරීන්ගෙන් කරන ලද ප්‍රශ්නකිරීම් වලදී හෙලිව ඇත.

