දිඹුලාගලින් ආරම්භවන මහා සමාජ සේවාවක් – විශේෂඥ වෛද්‍යවරුන් සමඟ නොමිලේ සෞඛ්‍ය කඳවුරක්!

දිඹුලාගල ආරණ්‍ය සේනාසනය හි ජනතාවට නොමිලේ සෞඛ්‍ය සේවා රැසක් – පෙබරවාරි 28 සුව විප්ලවයක්

ගම්මාන ජනතාවට වෛද්‍ය වරප්‍රසාදයක් – කොළඹින් විශේෂඥ කණ්ඩායමක් දිඹුලාගලට

සිසුන් 400ට ඇස් පරීක්ෂාව – වැඩිහිටියන් 300ට කන්නාඩි! දිඹුලාගලේ මහා සෞඛ්‍ය සත්කාරය

නිරාහාරව පැමිණෙන්න – නොමිලේ රුධිර හා වකුගඩු පරීක්ෂණসহ සම්පූර්ණ සෞඛ්‍ය සේවා

HelpAge Sri Lanka සහ කොළඹ කාන්තා කණ්ඩායම එක්ව දිඹුලාගලට සුව දානයක්

කොළඹ කාන්තා සංවිධානයක් විසින් මෙහෙයවනූ ලබන, විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක සහභාගිත්වයෙන්, නොමිලේ පැවැත්වෙන සෞඛ්‍ය කඳවුරක් පෙබරවාරි 28 වන සෙනසූරාදා ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේදී පැවැත්වේ.

ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන මෙම සෞඛ්‍ය කඳවුර පෙරවරු 8.00 සිට සවස 1.00 දක්වා පැවැත්වෙන බව සංවිධායක මණ්ඩලය සඳහන් කරයි.

ඇස් පරීක්ෂාව, සාමාන්‍ය වෛද්‍ය උපදේශන, රුධිර පීඩනය පරීක්ෂා කිරීම, කොලස්ටරෝල් සහ වකුගඩු ක්‍රියාකාරීත්ව පරීක්ෂණ,

කන්, නාසා, උගුර (ENT) පරීක්ෂණ, පියයුරු පරීක්ෂණ, දන්ත පරීක්ෂණ හා දත් පිරවීම් ඇතුළු තවත් වෛද්‍ය උපදෙස් සහ සායන කීපයක් මෙහිදී පැවැත්වෙන බව සංවිධායක මණ්ඩලය පවසයි.

රුධිර පරීක්ෂණ කරගැනීම සඳහා පැමිණෙන සියළු දෙනා පැය අටක් නිරාහාරව සිට පැමිණිය යුතුවේ.

දිඹුලාගල වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයවල සහ කල්කුඩා ප්‍රදේශයේ තෝරාගත් දහම් පාසල් සිසුන් 400 ක් ඇස් පරීක්ෂා කර ඔවුන් සඳහා විශන් කෙයා වව්චර් පත් පිරිනැමීම, වැඩිහිටියන් 300 ක් සඳහා ඇස් කන්නාඩි ලබාදීම සහ කාච ලබාදීම සඳහා හෙල්පේජ් ආයතනය මගින් මෙහිදී සිදු කෙරේ.

සුරේඛා ගාඩිනර්,වෛද්‍ය රෝහිණී කිරිහේන,තේෂානි වීරකෝන්,ෂම්මල්කා දයාවංශ,ගයාත්‍රි ජයවර්ධන,මනීෂා සමරජීව,හර්ෂිණී සමරජීව,ගයාත්‍රි හංවැල්ල,ලක්මිණී දිවිගල්පිටිය,වෛද්‍ය දිලිනි ෆ්ලැම්බෙක්,අයෝමා පෙරේරා,දුලංජනී ජයතිලක යන කොළඹින්  පැමිණෙන කාන්තා කණ්ඩායම විසින් මෙම සෞඛ්‍ය කඳවුර සංවිධානය සහ මෙහෙයවීම් කටයුතු සිදුකරන අතර විශාල පිරිසකගේ ආධාර උපකාර ඇතූව මෙම සෞඛ්‍ය කඳවුර සිදූ කෙරේ.

මනම්පිටිය නිමල් ජයරත්න

Share.
Leave A Reply