මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවනාගාරයේදී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරුන් වන කෘෂිකර්ම පංශු සම්පත් වාරිමාර්ග හා ඉඩම් අමාත්‍යය ගරු කේ. ඩී ලාල් කාන්ත, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස් අභයකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (24) දින රැස් වූහ. දිට්වා නිසා විවෘත කිරීමට නොහැකි වූ පාසල් වල ළමුන් කැමති ආකාරයකට වෙනත් පාසලකට යොමු කිරීමත් වෙනත් පාසල් වෙත යොමු වීමට නොහැකි සිසුන්ට එම පාසල සාදා දීමටත්, අනතුරු දායක දැව ඉවත් කිරීම,හන්තාන නිවාස ව්‍යාපෘතිය සම්බන්ධව පැවති ගැටලු රාශියක් ඉදිරිපත් වී තිබුණු අතර එය නිරාකරණය කිරීමත්, ස්වයං රැකියා සහ නව ව්‍යාපෘති ආරම්භ කිරීමත් පවතින ගැටලු නිරාකරණය කිරීමට පියවර ගැනීම සම්බන්ධව සැලසුම් සාකච්ඡ කෙරිණි.
දිස්ත්‍රික් ආයෝජන කමිටු දැනුවත් කිරීම සඳහා පක්ෂ විපක්ෂයකින් තොරව ජනතා නියෝජිතයින් කිහිප දෙනෙකු හට සම්බන්ධ වන ලෙස කේ.ඩී ලාල් කාන්ත ඇමතිතුමා ප්‍රකාශ කරන ලදී. එහිදී ක්ෂේත්‍ර අනුවද පවතින ගැටලු සම්බන්ධව ද සාකච්ඡා කෙරිණි.
මාලිගාවට ඉහළින් වාහන නැවතුම් අංගනයක් ඉදිකිරීම සහ මාලිගාව වටා ඇති වැවේ වතුර මල් සවිකිරීමට සැලසුම් කර ඇති ආකාරයත් පැහැදිලි කරන ලදී. තවත් සුවිශේෂී කරුණක් වන මහනුවර වාහන තදබදයට විසඳුම් සෙවීමට ඊළඟ දිස්ත්‍රික් කමිටු රැස්වීමේදී පැයක් වෙන් කිරීමට යෝජනා විය.
මෙම අවස්ථාව සඳහා ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය ගරු ප්‍රසන්න ගුණසේන, පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රීවරියන්, මහනුවර නගර සභාවේ නගරාධිපතිතුමන්, පළාත් පාලන ආයතන ප්‍රධානීන්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්තුමා, අමා�
මහනුවර වාර්තාකරු – කොලින් හරිශ්චන් ද්‍ර


