ක්ෂේත්‍ර 10 ඔස්සේ තාක්ෂණවේදය පිළිබඳ ජාතික ඩිප්ලෝමා(NDT) පිරිනමන මෙම ආයතනය, යෝජිත උසස් අධ්‍යාපන ප්‍රතිපත්තියට සමගාමීව වඩා ගුණාත්මක දිශානතියකට යොමු කරවීම අරමුණු කොට ගෙන පවතින යටිතල පහසුකම් ඇතුළු තාක්ෂණික උපාංග අධීක්ෂණය සහ සිසුන්, ආචාර්යවරුන් හා පරිපාලන නිලධාරීන් හමුවී අදහස් විමසීම මෙම නිරීක්ෂණ චාරිකාවේ අරමුණ විය.

එම උසස් අධ්‍යාපන ආයතන ව්‍යුහයේ සියලුම පාර්ශ්වයන් ආවරණය වන පරිදි අංශ ප්‍රධානීන්, ආචාර්ය සංගමය, අනධ්‍යයන කාර්ය මණ්ඩලය සහ ශිෂ්‍ය සංගම් සාමාජිකයින් සමග සාකච්ඡාවන් සිදුකළ නියෝජ්‍ය අමාත්‍යවරයා ඔවුන්ගේ සුබසාධන හා වෘත්තීයමය අවශ්‍යතා මෙන්ම අධ්‍යයන පරිසරයේ සිදුකළ යුතු යාවත්කාලීන කිරීම් සම්බන්ධව ද අවධානය යොමු කළේ ය.

විශ්වවිද්‍යාල ඇතුළු සියලුම උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ආයතනයන්හි පාඨමාලාවල ගුණාත්මකභාවය ඉහළ නංවමින් රැකියා වෙළෙඳපොළට පිවිසෙන සිසුන්ට ගෞරවනීය වෘත්තීය ජීවිතයකට එළඹීමට අවස්ථාව උදා කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ ය.

එමෙන් ම එම ආයතනයේ ශිෂ්‍ය සංගම් සාමාජිකයින් හමුවෙමින් ඒ මහතා කියා සිටියේ උසස් අධ්‍යාපන ආයතන තුළ නවක වදය හා මත්ද්‍රව්‍යවලින් තොර වටපිටාවක් ගොඩනැගීම සඳහා වන රජයේ ප්‍රතිපත්තිවලට ගරු කරමින් එය සාර්ථක කරගැනීමට සියලු දෙනා සහයෝගය දිය යුතු බවයි.

Share.
Leave A Reply