ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ පෙබරවාරි 3 වැනි සතියේ ප්‍රගතිය අනුව, ශ්‍රී ලංකා ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතිය සඳහා World Bank Group වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 50ක අරමුදල් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.
විදේශගත ශ්‍රී ලාංකිකයන්ට සේවා සපයන e-BMD පද්ධතිය මේ වන විට තානාපති කාර්යාල 62ක ක්‍රියාත්මක වන අතර, එහි පළමු වසර තුළ පුද්ගලයන් 8,027ක් සෘජු ප්‍රතිලාභ ලබා තිබේ. Department of Registrar General සමඟ සම්බන්ධ වූ මෙම තත්‍ය කාලීන පද්ධතිය මඟින් උප්පැන්න, විවාහ සහ මරණ සහතික ලබා ගැනීමේ කාලය සැලකිය යුතු ලෙස අඩු වී ඇත.
එමෙන්ම, 2026 වසර සඳහා වූ AML/CFT ජාතික සම්බන්ධීකරණ කමිටුවේ පළමු රැස්වීමේදී, අතථ්‍ය වත්කම් සේවා සපයන්නන් (VASPs) නියාමනය සඳහා යෝජිත සංකල්ප පත්‍රිකාව ඉදිරිපත් කෙරිණි. Financial Action Task Force (FATF) නිර්දේශයන්ට අනුකූලව ලියාපදිංචි කිරීම, ඩිජිටල් KYC ක්‍රමවේද සහ අධීක්ෂණ පද්ධති හඳුන්වාදීමට මෙහිදී අවධානය යොමු විය.
රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින්, රජයේ නිලධාරීන් සඳහා කෘතිම බුද්ධිය (AI) පිළිබඳ සති අන්ත කෙටි පාඨමාලාවක් හඳුන්වාදීමට ද තීරණය කර ඇත. ජනාධිපති ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් University of Canberra, General Sir John Kotelawala Defence University (KDU) සහ AION Campus එක්ව එම වැඩසටහන ක්‍රියාත්මක කරයි.
ඩිජිටල්කරණය හරහා ජාතික සහජීවනය ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස “පූර්ව අනතුරු ඇඟවීමේ සහ පූර්ව ප්‍රතිචාර දැක්වීමේ” (EWER) පද්ධතිය සහ Office for National Unity and Reconciliation (ONUR) හි නව වෙබ් අඩවිය ද දියත් කර ඇත.
අමතරව, “ගමට සන්නිවේදනය” ව්‍යාපෘතිය යටතේ ග්‍රාමීය ප්‍රදේශවල 4G පහසුකම් ව්‍යාප්ත කිරීම කඩිනම් කිරීමට සන්නිවේදන කුළුණු ඉදි කළ සමාගම් වෙත මුදල් ප්‍රතිපූර්ණය කිරීම ආරම්භ කර ඇත.

