ශ්‍රී ලංකාවේ දුම්රිය ඉතිහාසයේ සංකේතයක් වන කඩුගන්නාව ජාතික දුම්රිය කෞතුකාගාරය 2014 දෙසැම්බර් 27 වැනිදා විවෘත කරන ලද්දේ ශ්‍රී ලංකා දුම්රිය සේවයේ 150 වැනි සංවත්සරය සැමරීම සඳහා සංචාරකයින්ට සහ අධ්‍යාපනය ලබන දරුවන්ට වටිනා දැනුමක් ලබා දෙන ස්ථානයක් බවට පරිවර්තනය කරමින් 1864 දෙසැම්බර් 27 කොළඹ සිට අඹේපුස්ස දක්වා පළමු දුම්රිය ගමන ද ආරම්භ කරන ලදී.

එහි ඇති පැරණි එන්ජින්, දුම්රිය මැදිරි, මෝටර් ට්‍රොලි සහ CGR 500 වැනි කෞතුක භාණ්ඩ රැසක් දුම්රිය ඉතිහාසයේ ප්‍රෞඩත්වය පිළිබිඹු කරයි.

කෙසේ වෙතත් අවුරුදු 11 ට පසුව මෙම ස්ථානයේ නඩත්තු කටයුතු බරපතල තත්ත්වයක පවතී.
පිවිසුම් මාර්ග අවහිරවීම, පැහැදිලි මාර්ග සංඥා නොමැති වීම, වහන නැවැත්වීමේ පහසුකම් කළමනාකරණය නොවීම, ඉතා අපිරිසිදු තත්වයක පැවතීම, උද්‍යාන අලංකරණයේ අඩු පාඩු සහිත වීම, එළිමහන් engine වල සහ මැදිරිවල ආරක්ෂිත වහලයක් නොමැති වීම, ආරක්ෂිත වැටක් නොමැති වීම, වැසිකිලි පහසුකම් සහ පරවියන්ගේ මල පහ වලින් ඇතිවන හා අපිරිසිදුකම සංචාරක ආකර්ෂණය අඩුවීමට හේතු වී ඇත. මෙම ගැටලු නිසා කෞතුක භාණ්ඩ විනාශ වීමේ අවදානමක් ද පවතී.

කඩුගන්නාව නගරයට අභිමානයක් එක් කරමින් ඉදි වූ ජාතික දුම්රිය කෞතුකාගාරය දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල ආදායමක් උපයා ගත හැකි ස්ථානයක් බවට සංවර්ධනය කිරීමට පියවර ගත යුතුව ඇත.

මෙය අනාගත පරපුරට ආයෝජනයක් වන අතර ප්‍රදේශවාසීන්ගේ ව්‍යාපාර දියුණුවටද හොඳ තෝතැන්නක් බවට පත්කරමින් නවීකරණය කිරීමෙන් විදේශ විනිමය උපයන සංචාරක ස්ථානයක් බවට පත් කිරීමට අදාළ බලධාරීන්ගේ නිසි අවධානය යොමු විය යුතුය.

මෙම අඩුපාඩු නිවැරදි කිරීම තුළින් කඩුගන්නාව සංචාරක පුරවරයක් ලෙස බැබළවීම නොවැළැක්විය හැකි කරුණකි.

මාධ්‍යවේදී
කොලින් හරිශ්චන්ද්‍ර

Share.
Leave A Reply