උඩ පළාත ප්‍රාදේශීය සභාව ගරු සභාපති සාන්ත නවරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් (19) දින මහා සභා රැස්වීම් ශාලාවේදී පැවැත්විණි. එහිදී සභාව විනයානුකූලව මින් ඉදිරියට පවත්වාගෙන යන ලෙසත් හොඳ අධ්‍යයනයකින් යුක්තව කරුණු ඉදිරිපත් කරන ලෙසද සභාපති සාන්ත නවරත්න මහතා සිය මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින ලදී.

පසුගිය ආපදා තත්වය හේතුවෙන් පස් කඳු කඩා වැටී අවහිර වුන මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධව දොළුව ප්‍රාදේශීය ලේකම්තුමිය සිය ස්තූතිය පළ කර තිබූ අතර එතුමියට ද සභාපති තුමන් ස්තූතිය පළ කරන ලදී.

ඉහළම කාර්ය්‍ය සාධනයක් සහිත ප්‍රාදේශීය සභාවක් බවට පත්ව ඇති බව සභාපතිවරයා ප්‍රකාශ කිරීමත් සමග මන්ත්‍රීවරු සතුට පළ කරන ලදී.

උඩ පළාත ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලයේ නිලධාරි මහත්ම මහත්මීන් සඳහා AI තාක්ෂණය භාවිතය සහ අන්තර්ජාල නව මාධ්‍ය භාවිතය සම්බන්ධ පුහුණු වැඩසටහනක් 2026 පැවැත්වීමට සුදුසු බව යෝජනාවිය.උඩපළාත ප්‍රාදේශීය සභාවට අයත් පුස්සැල්ලාව උප කාර්යාලයෙන් 2003 වසරට පෙර සිට නඩත්තු වූ ජල යෝජනා ක්‍රමයක් 2003 වසරේ සිට ජල සම්පාදන මණ්ඩලය වෙත පවරා දී ඇති නමුත් අදාල ලේඛන උපකාර්යාලය මගින් යාවත්කාලීන කර ඇත. එවකට හිඟව පැවති රූ.82.145.88 ක හිඟ ශේෂයක් අයකර ගත නොහැකිව 2025-12-31 දින දක්වා ගිණුම් ගතව ඇති බවත්, ඒ සඳහා විගණන විමසුම් ලැබි ඇති බවත්,පුස්සැල්ලාව කාර්ය භාර නිලධාරි විසින් දන්වා ඇත. එබැවින් අදාල හිඟ මුදල 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 182 වන වගන්තිය ප්‍රකාරව ගරු ආණ්ඩුකාරතුමාගේ අනුමැතිය ලබා ගෙන පොතෙන් කපා හැරීම සදහා මහ සභා අනුමැතිය ලබා ගැනීම සුදුසු බවට යෝජනා කෙරුණු අතර ජීවා මන්ත්‍රීතුමා එය ස්ථිර කරන ලදී. අවසන් වර්ෂය සඳහා භාණ්ඩ සමීක්ෂණ කටයුතු මේ වන විට අවසන් කර ඇති අතර පහත පරිදි තක්සේරු, අපහරණ හා වෙන්දේසි කමිටු සදහා ගරු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පත් කිරීමට සුදුසු බවට යෝජනා කෙරුණු අතර නිල්මිණී ප්‍රියංගිකා මන්ත්‍රීතුමිය එය ස්ථිර කරන ලදී. පුස්සල්ලාව වෙළඳ සංකීර්ණයේ ඉදිකිරීම ගරු සභාපතිතුමන් යෝජනා කර අතර ඩිංගිරි බණ්ඩා මන්ත්‍රීතුමා එය ස්ථිර කරන ලදී. අරුණළු ජල ව්‍යාපෘතිය පවුල් 556 ක් ප්‍රයෝජන ගන්න බවත් එහි පිල්ටර් දෙකක ගැටලු පවතින බවත් මල අපද්‍රව්‍ය අඩංගු බවට වාර්තා වන බවත් නිලවීර මන්ත්‍රීතුමා සඳහන් කළේය. ආයතනයකට වගාකරුවන්ගෙන් බෝග ලබා ගැනීමට අවශ්‍යව ඇති බවත් ඒ සඳහා වගා කරුවන් දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස මන්ත්‍රීවරුන්ගෙන් ගරු සභාපති සාන්ත නවරත්න මහතා ඉල්ලීමක්ද කළේය.

සභාව කාරක සභාවක් බවට පත් කිරීමට කටයුතු කරන ලෙස උප සභාපති නවරත්න මල් ගහපෑල මහතා ඉල්ලා සිටියේය.

උඩපලාත ප්‍රාදේශීය සභා මන්ත්‍රිණි H.M.නිල්මිණි ප්‍රියංගා මහත්මිය ප්‍රාදේශීය ආණ්ඩුකරණය සහ ප්‍රජාතන්ත්‍රවාදය පාඨමාලාව IDAG ආයතනය මගීන් පවත්වන ලද විභාගයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබා ගැනීම හේතුවෙන් එතුමියට ගරු සභාපතිතුමන් සාන්ත නවරත්න මහත්මාගේ සුරතින් සම්මානයක් ප්‍රදානය කිරීම සුවිශේෂී සිදුවීමක් විය.

මාධ්‍යවේදී
කොලින් හරිශ්චන්ද්‍

Share.
Leave A Reply