– වෛද්‍යවරුන් සහ සිවිල් අයිතිවාසිකම් වෘත්තීය සමිති සන්ධානය අනතුරු අඟවායි.
නොරොච්චෝල, පණියාදිය, නරක්කාලිය, කල්පිටිය, පුත්තලම සහ අවට ප්‍රදේශවල ගල් අඟුරු දහනය නිසා නිෂ්පාදිත fly ash සහ bottom ash රසායනික ද්‍රව්‍ය හේතුවෙන් හෘදයාබාධ, ආගාත, පිළිකා හා ගර්භාෂය සහ ළමා සෞඛ්‍ය සම්බන්ධ ගැටළු දැඩිව ඇති බව වෛද්‍ය චමල් සංජීව මහතා ප්‍රකාශ කළේය.
සමිති සන්ධානය අවධාරණය කරන්නේ සාමාන්‍ය අළු ප්‍රතිශතය 10% ට අඩු විය යුතු අතර, වර්තමානයේ 25% දක්වා ඇති බැවින් වහාම පියවර ගැනීම අත්‍යවශ්‍ය බවයි.
ජාතික සෞඛ්‍ය බලධාරීන්ට වහාම ස්ථානීය පරික්ෂණ ආරම්භ කිරීමට අවශ්‍ය අතර, ගල් අඟුරු දහනයෙන් ඇතිවන සෞඛ්‍ය හා මිනිස් ජීවිත හානිය, ආර්ථික හානියට වඩා අලාභදායක බවට සලකන බවද ඔහු කියා සිටියේය.

