• අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න

බෞද්ධ දර්ශනය, භාෂාව ඇතුළු පෙරදිග දර්ශනය, විදේශීය වශයෙන් ප්‍රවර්ධනය කිරීම සඳහා රජය තානාපති කාර්යාල හා විදේශීය විශ්වවිද්‍යාල ඔස්සේ සාකච්ඡා ආරම්භ කරමින් සිටින බවත්, දේශීය විශ්වවිද්‍යාල තුළ බෞද්ධ අධ්‍යයනය ඇතුළු මානව හා ශාස්ත්‍රීය විෂයන්ට අදාළ, විෂයානුබද්ධ ගවේෂණ හා පර්යේෂණ කිරීමට පරිසරයක් සකස් කරන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.

2026.02.20 දින හෝමාගම ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 44 වන දින සැමරුමේ සමාරම්භක උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Share.
Leave A Reply