මාධ්‍ය ආචාරධර්ම, මානව හිමිකම් සහ මැතිවරණ වාර්තාකරණය පිළිබඳ පුළුල් විවරණයක්! 🗳️⚖️
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් සහ මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති, ප්‍රවීණ නීතිඥ නිමල් ජී. පුංචිහේවා මැතිතුමන් විසින් පවත්වනු ලැබූ විශේෂ දේශනය මෙසේ ඔබ වෙත සමීප කරමු.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ (ඇසිදිසි මැදුර) පැවැත්වූ “පරිපූරක ජනමාධ්‍ය ආචාර ධර්ම සහ නවක සන්නිවේදන පුහුණු වැඩසටහනේ” (Certificate in Introductory Media Communication Ethics) සමාරම්භක අවස්ථාවේදී මෙම දේශනය පවත්වන ලදී.
මෙහිදී සාකච්ඡා කෙරෙන ප්‍රධාන තේමාවන්:
✅ මැතිවරණ සමයකදී ජනමාධ්‍යවේදියාගේ වගකීම සහ ආචාරධර්ම.
✅ මානව හිමිකම් ආරක්ෂා කිරීමේදී මාධ්‍ය සතු කාර්යභාරය.
✅ වගකීම් සහගත සන්නිවේදනය සහ වත්මන් අභියෝග.
✅ නීතිමය රාමුව තුළ මාධ්‍යවේදියෙකුගේ හැසිරීම.
EWOL Media අපගේ අරමුණ වන්නේ මෙවැනි ප්‍රාඥයින්ගේ දැනුම මගින් හෙට දවසේ මාධ්‍ය පරපුර නිවැරදි මාවතකට යොමු කිරීමයි.
📌 මාධ්‍ය පුහුණු වැඩසටහනට සම්බන්ධ වීමට සහ ඉදිරි දේශන නැරඹීමට Subscribe කරන්න.
📞 WhatsApp/Call: 070 375 0478 / 072 393 0751
පරිපූරක ජනමාධ්‍ය ආචාර ධර්මය සහ නවක සන්නිවේදක පුහුණු වැඩසටහන (Certificate in Introductory Media Communication Ethics) සඳහා ලියාපදිංචි වූ සෑම අයදුම් පත්‍ර ලාභියෙක්ම අප ලබා දී ඇති උපදෙස් පරිදි සෑම විටම කටයුතු කළ යුතුයි. ඔබගේ දේශන සඳහා සහභාගිත්වන් තහවුරු වනුයේ පහත අප ලබා දී ඇති පරිදි උපදෙස් පරිශීලනය කරමින් ඒ ආකාරයෙන් කටයුතු කිරීම තුළිනි එය අනිවාර්යෙන් ඔබගේ දේශන සහභාගිත්වය පිළිබඳව තහවුරු කර ගැනීමට ප්‍රධාන නිර්ණායකය වන බව කාරුණිකව මතක් කර සිටිමි. එම නිසා,
මෙම දේශනය නරඹා එම දේශනයේ අන්තර්ගතය පිළිබඳව ඔබගේ කෙටි සටහනක් එහි කොමෙන්ටුවක් comment ලෙස තබන්න.
සෑම දේශනයක්ම ඔබ ලියාපදිංචි වූ ඊමේල් ලිපිනයෙන් like | subscribe | comment | share කිරීමටත් නාලිකාව සක්‍රයිබ් කිරීමටත්, කටයුතු කරන්න.
සෑම කොමෙන්ටුවක් comment අගටම ඔබගේ ලියාපදිංචි වූ නම සමග ලියාපදිංචි අංකය යොදන්න.
උදාහරණ:-
මානව හිමිකම් සහ සිවිල් අයිතිවාසිකම්: ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වැදගත්කම සහ එම අයිතිවාසිකම් උල්ලංඝනය වන අවස්ථාවලදී පුරවැසියන් සතු වගකීම මෙහිදී අවධාරණය කෙරේ.
නීතියේ ආධිපත්‍යය සහ ස්වාධීනත්වය: රාජ්‍ය ආයතන, විශේෂයෙන්ම පොලිසිය සහ ආරක්ෂක අංශ නීතිය ක්‍රියාත්මක කිරීමේදී ස්වාධීනව සහ අපක්ෂපාතීව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ඔහු පෙන්වා දෙයි.
ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය: මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයෙකු ලෙස, නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට කෙතරම් තීරණාත්මකද යන්න ඔහු මෙහිදී විස්තර කරයි.
පුරවැසි මැදිහත්වීම: අසාධාරණයට එරෙහිව හඬ නැගීම සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටීම හුදෙක් අයිතියක් පමණක් නොව, එය රටේ අනාගතය වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකමක් බව ඔහු පවසයි.
විශේෂ නිරීක්ෂණය
පුංචිහේවා මහතා මෙම දේශනය පුරාම අවධාරණය කරන්නේ “බියෙන් තොරව අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය” සහ “නීතිය සැමට සමාන විය යුතුය” යන මූලධර්මයයි. වර්තමාන සමාජ-දේශපාලන අර්බුද හමුවේ වුවද, නීතිමය රාමුව තුළ සිටිමින් ජනතාවට තම අයිතීන් දිනාගත හැකි ආකාරය පිළිබඳව ඔහු සුබවාදී මෙන්ම විද්‍යාත්මක ප්‍රවේශයක් ලබා දෙයි.
මෙවැනි ගුණාත්මක පුහුණු වැඩසටහන් සංවිධානය කරන NEWS AND IMAGE | EWOL ආයතනය වෙතද ස්තුතියි. Like ✔ Subscribe ✔ Comment ✔ Share ✔කරන්න.
— (ඔබගේ නම)
හොඳින් මතක තබාගන්න ඔබගේ සෑම කොමෙන්ටුවක් අගටම ඔබගේ ලියාපදිංචි වූ නම සමග ලියාපදිංචි අංකයේදීම අනිවාර්ය වේ.
————————//—————-1—
සම්පූර්ණයෙන්ම නොමිලේ පුහුණුව!
පරිපූරක ජනමාධ්‍ය ආචාර ධර්මය සහ නවක සන්නිවේදක පුහුණු වැඩසටහන
(Certificate in Introductory Media Communication Ethics)
ඕනෑම අයකුට 2026 පෙබරවාරි මසට පෙර ඔබගේ අයදුම්පත පිරවීමට හැක News and Image සංවිධානයේ වෙබ් අඩවියෙහි ඇති මාධ්‍ය අධ්‍යයන පුහුණුව යන ස්ථානයේ ක්ලික් කර එහි අදාළ අයදුම්පත පුරවා එහි සාමාජිකත්වය තහවුරු කරන්න. එමගින් ඔබට වැඩසටහනේ ලියාපදිංචි අයදුම්කරුවෙක් බවට පත්විය හැක.
නිවැරදිව ලියාපදිංචි කළ අයදුම්පත් ඩවුන්ලෝඩ් කිරීමෙන් පසු
👉 WhatsApp කරන්න: 070 375 0478 | 072 393 0751 (මෙම අංක සඳහා පමණි)
🚨 Register Now — FREE
⚠️ WhatsApp ලියාපදිංචි වීම සීමිතයි
👉 දැන්ම ලියාපදිංචි වන්න!
මාධ්‍යවේදී නුවන් ප්‍රසන්න සුමනරත්න සහ මාධ්‍යවේදී යොහාන් රසිඳු යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ
වාර්තාකරණය: Admin

