බුද්ධිමය දේපළ නීතිය සහ මානව හිමිකම් / මාධ්‍ය නීතිය සහ ආචාරධර්ම පිළිබඳ නීති විශාරදයාගේ මඟපෙන්වීම! ⚖️🎙️
මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා, 
ශ්‍රී ලංකා  මානව හිමිකම් කොමිසමේ හිටපු දීප්තිමත් සභාපතිවරයෙකු වන,  ශ්‍රී පාලි මණ්ඩපය, කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ හිටපු පීඨාධිපති. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නීති සංගමයේ හිටපු සභාපති, නීතිය පිළිබඳ ආචාර්ය උපාධිය 
(ක්වීන්ස්ලන්තය, ඕස්ට්‍රේලියාව) එල්එල්.එම් (මෙල්බර්න්, ඕස්ට්‍රේලියාව) එල්එල්.බී (ගෞරව) (කොළඹ) නීතිඥ,  යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ නීති විශාරදයෙක්, අධ්‍යාපනඥයෙක් සහ දේශපාලන විශ්ලේෂකයෙකි. ඔහු විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ නීතිය, බුද්ධිමය දේපළ නීතිය සහ මානව හිමිකම් පිළිබඳ විශේෂඥයෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලයි. දේශපාලන, ආර්ථික සහ නීතිමය කරුණු සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වන ජ්‍යෙෂ්ඨ විශ්ලේෂකයෙකි.
නීති විශේෂඥ: ජාතික ජන බලවේගය ආණ්ඩුව, මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම සහ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රශ්න වැනි වත්මන් සමාජ-දේශපාලන මාතෘකා පිළිබඳව ඔහු නීතිමය මත පළකරයි.

2026 පෙබරවාරි 13 වන දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු (ඇසිදිසි මැදුර) ශ්‍රවණාගාරයේදී පැවැත්වූ “පරිපූරක ජනමාධ්‍ය ආචාර ධර්ම සහ නවක සන්නිවේදන පුහුණු වැඩසටහනේ” (Certificate in Introductory Media Communication Ethics) සමාරම්භක අවස්ථාව මෙයයි.

අපගේ අරමුණ වන්නේ මෙවැනි ප්‍රාඥයින්ගේ දැනුම මගින් හෙට දවසේ මාධ්‍ය පරපුර නිවැරදි මාවතකට යොමු කිරීමයි.
📌 මාධ්‍ය පුහුණු වැඩසටහනට සම්බන්ධ වීමට සහ ඉදිරි දේශන නැරඹීමට Subscribe කරන්න.

📞 WhatsApp/Call: 070 375 0478 / 072 393 0751

පරිපූරක ජනමාධ්‍ය ආචාර ධර්මය සහ නවක සන්නිවේදක පුහුණු වැඩසටහන (Certificate in Introductory Media Communication Ethics) සඳහා ලියාපදිංචි වූ සෑම අයදුම් පත්‍ර ලාභියෙක්ම අප ලබා දී ඇති උපදෙස් පරිදි සෑම විටම කටයුතු කළ යුතුයි. ඔබගේ දේශන සඳහා සහභාගිත්වන් තහවුරු වනුයේ පහත අප ලබා දී ඇති පරිදි උපදෙස් පරිශීලනය කරමින් ඒ ආකාරයෙන් කටයුතු කිරීම තුළිනි එය අනිවාර්යෙන් ඔබගේ දේශන සහභාගිත්වය පිළිබඳව තහවුරු කර ගැනීමට ප්‍රධාන නිර්ණායකය වන බව කාරුණිකව මතක් කර සිටිමි. එම නිසා,

මෙම දේශනය නරඹා එම දේශනයේ අන්තර්ගතය පිළිබඳව ඔබගේ කෙටි සටහනක් එහි කොමෙන්ටුවක් comment ලෙස තබන්න.
සෑම දේශනයක්ම ඔබ ලියාපදිංචි වූ ඊමේල් ලිපිනයෙන් like | subscribe | comment | share කිරීමටත්  නාලිකාව සක්‍රයිබ් කිරීමටත්, කටයුතු කරන්න.
සෑම කොමෙන්ටුවක් comment අගටම ඔබගේ ලියාපදිංචි වූ නම සමග ලියාපදිංචි අංකය යොදන්න.

උදාහරණ:-
පසුවදන: නව යුගයක ජනමාධ්‍ය වගකීම සහ ආචාර ධර්මීය ප්‍රවේශය
2026 පෙබරවාරි 13 වන දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්වූ “පරිපූරක ජනමාධ්‍ය ආචාර ධර්ම සහ නවක සන්නිවේදන පුහුණු වැඩසටහන” ශ්‍රී ලංකාවේ වත්මන් සන්නිවේදන ක්ෂේත්‍රය තුළ තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. විශේෂයෙන්ම, තොරතුරු තාක්ෂණ නීතිය සහ මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රාඥයෙකු වන මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතාගේ මැදිහත්වීම මෙම වැඩසටහනට සුවිශේෂී බුද්ධිමය වටිනාකමක් එක් කළේය.

වැඩසටහනේ හරය සහ වැදගත්කම
මෙම පුහුණු වැඩසටහන හුදෙක් සහතික පත්‍රයක් පිරිනැමීමේ උත්සවයකට එහා ගිය, නූතන ඩිජිටල් මාධ්‍ය භාවිතය සහ එහි නීතිමය සීමාවන් පිළිබඳව නවක මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ කාලෝචිත පියවරකි. මෙහිදී මතු වූ ප්‍රධාන කරුණු කිහිපයක් මෙසේ දැක්විය හැකිය:

මාධ්‍ය නිදහස සහ වගකීම: මහාචාර්ය මහානාමහේවා මහතා අවධාරණය කළ පරිදි, මාධ්‍ය නිදහස යනු සීමා රහිත බලපත්‍රයක් නොව, එය මානව හිමිකම් සහ පෞද්ගලිකත්වය සුරැකීමේ සදාචාරාත්මක රාමුවකට යටත් විය යුත්තකි.

නවීන තාක්ෂණය සහ නීතිය: තොරතුරු තාක්ෂණ නීතිය පිළිබඳ විශේෂඥයෙකු ලෙස ඔහු පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය සහ කෘත්‍රිම බුද්ධිය (AI) වැනි මෙවලම් භාවිත කිරීමේදී මාධ්‍යවේදීන් පවතින නීතිමය රාමුව පිළිබඳව මනා අවබෝධයකින් සිටිය යුතු බවයි.

ආචාර ධර්මීය වෘත්තීයවේදය: පුවත් වාර්තාකරණයේදී සත්‍යවාදී බව, මධ්‍යස්ථභාවය සහ මානුෂීය ගරුත්වය ආරක්ෂා කිරීමේ අත්‍යවශ්‍යතාවය මෙහිදී ප්‍රමුඛ තේමාවක් විය.

නිගමනය
වත්මන් රජය යටතේ සිදුවන සමාජ-දේශපාලනික වෙනස්කම් හමුවේ, ජනමාධ්‍යවේදියා යනු හුදෙක් තොරතුරු වාර්තා කරන්නෙකු නොව, සමාජ සාධාරණත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා පෙනී සිටින බුද්ධිමය පාලමකි. මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා වැනි විද්වතුන්ගේ මගපෙන්වීම යටතේ මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක වීම, වගකීම් සහගත ජනමාධ්‍ය සංස්කෘතියක් ශ්‍රී ලංකාව තුළ ගොඩනැගීමට මහත් රුකුලක් වනු ඇත.

“ජනමාධ්‍යවේදියෙකුගේ සැබෑ ශක්තිය පවතින්නේ ඔහු සතු පෑනෙහි හෝ කැමරාවෙහි නොව, ඔහු පෙනී සිටින සත්‍යය සහ අනුගමනය කරන ආචාර ධර්ම පද්ධතිය මතය.”. මෙවැනි ගුණාත්මක පුහුණු වැඩසටහන් සංවිධානය කරන NEWS AND IMAGE | EWOL ආයතනය වෙතද ස්තුතියි. Like ✔ Subscribe ✔ Comment ✔ Share ✔ කරන්න.

— (ඔබගේ නම)

හොඳින් මතක තබාගන්න ඔබගේ සෑම කොමෙන්ටුවක් අගටම ඔබගේ ලියාපදිංචි වූ නම සමග ලියාපදිංචි අංකයේදීම අනිවාර්ය වේ.

————————//—————-1—
සම්පූර්ණයෙන්ම නොමිලේ පුහුණුව!

පරිපූරක ජනමාධ්‍ය ආචාර ධර්මය සහ නවක සන්නිවේදක පුහුණු වැඩසටහන

(Certificate in Introductory Media Communication Ethics)

මාධ්‍ය අධ්‍යයන පුහුණුව

ඕනෑම අයකුට 2026 පෙබරවාරි මසට පෙර ඔබගේ අයදුම්පත පිරවීමට හැක News and Image සංවිධානයේ වෙබ් අඩවියෙහි ඇති මාධ්‍ය අධ්‍යයන පුහුණුව යන ස්ථානයේ ක්ලික් කර එහි අදාළ අයදුම්පත පුරවා එහි සාමාජිකත්වය තහවුරු කරන්න. එමගින් ඔබට වැඩසටහනේ ලියාපදිංචි අයදුම්කරුවෙක් බවට පත්විය හැක.

නිවැරදිව ලියාපදිංචි කළ අයදුම්පත් ඩවුන්ලෝඩ් කිරීමෙන් පසු
👉 WhatsApp කරන්න: 070 375 0478 | 072 393 0751 (මෙම අංක සඳහා පමණි)

🚨 Register Now — FREE
⚠️ WhatsApp ලියාපදිංචි වීම සීමිතයි
👉 දැන්ම ලියාපදිංචි වන්න!

#EWOLMedia #PratibhaMahanamahewa #MediaLaw #MediaEthics #JournalismTraining #AsidisiMadura #SriLanka #HumanRights #MediaEducation #LawForJournalists #SripaliCampus #LegalEthics


මාධ්‍යවේදී නුවන් ප්‍රසන්න සුමනරත්න සහ මාධ්‍යවේදී යොහාන් රසිඳු යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ

වාර්තාකරණය: Admin


Share.
Leave A Reply