රජයේ නිලධාරීන් සඳහා කෘත්‍රිම බුද්ධිය පාඨමාලා පුහුණු කිරීමේ මානව සංවර්ධන වැඩසටහනක් රජය දියත් කිරීමට තිරණය කර තිබේ.
රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව වැඩි කිරීමේ අරමුණින් කෙටි සති අන්ත AI පාඨමාලාවක් හඳුන්වාදීමට මෙහිදි තීරණය කර තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ සම්පූර්ණ සම්බන්ධීකරණය යටතේ කැනබරා විශ්වවිද්‍යාලය, ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (KDU) සහ AION Campus එක්ව ක්‍රියාවට නංවයි.
මෙහි අරමුණ වන්නේ තොරතුරු සෙවීමේ කාලය අඩු කර, ප්‍රතිපත්ති සැලසුම් හා සේවා ගුණාත්මක බව ඉහළ නැංවීම වේ.
2. මුදල් විශුද්ධිකරණය (AML/CFT) සහ ත්‍රස්තවාදය
ජාතික සම්බන්ධීකරණ කමිටුවේ 2026 වසර සඳහා පළමු රැස්වීම පැවැත්විණි.
අතථ්‍ය වත්කම් සේවා සපයන්නන් (VASPs) නියාමනය සඳහා යෝජිත සංකල්ප පත්‍රිකාව ඉදිරිපත් කරන ලදී.
FATF නිර්දේශයන්ට අනුකූලව: ලියාපදිංචිය, ඩිජිටල් KYC සහ අධීක්ෂණ ප්‍රොටෝකෝල හඳුන්වා දීමට අවධානය.
3. e-BMD පද්ධතිය
විදේශගත ශ්‍රී ලාංකිකයන්ට උප්පැන්න, විවාහ සහ මරණ සහතික ලබා දීමේ e-BMD පද්ධතිය ක්‍රියාත්මක කිරිමට රජය සැලසුම් කර තිබේ මෙ යටතේ දැනට තානාපති කාර්යාල 62ක සාර්ථක ක්‍රියාත්මක කර ඇත.
පළමු වසර තුළ පුද්ගලයන් 8,027කට සෘජු ප්‍රතිලාභ ලැබෙන බවද රජය කියයි. ලේඛන සැකසීමේ කාලය විශාල ලෙස අඩු වී, විදේශගත ශ්‍රී ලාංකිකයන්ට සහනයක් ලබා දීම මෙහි අරමුණයි.
4. ජාතික සහජීවනය ශක්තිමත් කිරීම ට කෘතිම බුදිධිය යොදා ගැනීමට නියමිතය.
EWER පද්ධතිය සහ ONUR නව වෙබ් අඩවිය දියත් කර තිබේ. ක්ෂණික දත්ත විශ්ලේෂණය මඟින් ගැටුම් ඇති විය හැකි ස්ථාන කලින් හඳුනා ගැනීම හා “Paper to Pixels” ප්‍රතිපත්තිය යටතේ රාජ්‍ය සේවා ඩිජිටල්කරණය සහ ආරක්ෂිත දත්ත පද්ධති පවත්වාගෙන යාම මෙහිදි සිදු කෙරේ.
5. ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය ට ද රජය කටයුත වේගත් කර තිබේ. මේ යටතේ
ලෝක බැංකු සමූහයෙන් ඩොලර් මිලියන 50ක අරමුදල් ලබා, ශ්‍රී ලංකා ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
ග්‍රාමීය ප්‍රදේශ සඳහා 4G පහසුකම් සැපයීමේ “ගමට සන්නිවේදනය” ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර සන්නිවේදන කුළුණු ඉදි කළ සමාගම් වෙත මුදල් ප්‍රතිපූර්ණය කර, ව්‍යාපෘති කඩිනම් කිරීම ද රාජ්‍ය සේවා ඵලදායිතාව, ඩිජිටල් පද්ධති, නියාමනය සහ සන්නිවේදන යටිතල පහසුකම් වර්ධනය කිරීමට මේ අනුව රජය දැවැන්ත පියවර රැසක් ගෙන තිබේ.

