යාපනය කන්කසන්තුරය ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමකදී, නීති විරෝධී ධීවරයින් 25 දෙනෙකු සමඟ යාත්‍රා දෙකක් සම්බන්ධයෙන් නාවික හමුදාව කටයුතු කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව 2026 පෙබරවාරි 15 රාත්‍රී සහ 16 අලුයම් කාලයේ, යාපනය කන්කසන්තුරය ප්‍රදේශයට ඔබ්බෙන් දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා කිහිපයක් නිරීක්ෂණය කළ අතර, නීති විරෝධී යාත්‍රා 02 ක් සහ ධීවරයින් 25 දෙනෙකු නාවික හමුදාව භාරයට ගත් බව වාර්තා වේ.

මෙම ක්‍රියාමාර්ගය, ජාත්‍යන්තර මුහුදු නීති උල්ලංඝනය කිරීම වැලැක්වීම, දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය ආරක්ෂා කිරීම, සහ සමුද්‍රීය පරිසර පද්ධති ආරක්ෂා කිරීමේ අරමුණින් සිදුකළ අතර, භාරගත් යාත්‍රා සහ ධීවරයින් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා යාපනය මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතය.

Share.
Leave A Reply