ඉඩම් අර්බුදය රටේ සංවර්ධනය අඩපණ කරයි – කඩිනම් ඩිජිටල්කරණ වැඩපිළිවෙළක්”
“මානසික පීඩාවක් වූ ඉඩම් ප්‍රශ්නට තීරණාත්මක විසඳුම් –
“ඉඩම් ගැටළු විසඳීමට රජය සූදානම් – e-Slims වැඩිදියුණු කිරීමට ප්‍රමුඛතාව”
“ඉඩම් අර්බුදයට ස්ථිර විසඳුම්: ඩිජිටල්කරණයට වේගය”
“ජනතාවට පීඩාවක් වූ ඉඩම් ප්‍රශ්න අවසන් කිරීමට නව වැඩපිළිවෙළක්”
ශ්‍රී ලංකාවේ ඉඩම් සම්බන්ධ ගැටළු බරපතල මානසික පීඩාවක් මෙන්ම රටේ සමස්ත සංවර්ධන ක්‍රියාවලියට දැවැන්ත බාධාවක් බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළේ ය.
කොළඹ ඉඩම් අමාත්‍යාංශයේදී පැවති ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව වසරේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඉඩම් ප්‍රශ්න ජනතාවට විශාල මානසික පීඩාවක් ඇති කරන අතර ඒවා රටේ ආර්ථික සහ සමාජ සංවර්ධනයට සෘජුවම බාධා කරන බවයි.
එම ගැටළු කඩිනමින් විසඳා ගැනීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළක් අවශ්‍ය බවත්, විශේෂයෙන් ඉඩම් වාර්තා ඩිජිටල්කරණය කිරීම සහ e-Slims පද්ධතිය වැඩිදියුණු කිරීම මෙවර වසරේ ප්‍රමුඛතාවයක් ලෙස ගෙන යන බවත් ඔහු පැවසීය.
දැනට දෙපාර්තමේන්තුව මුහුණ දෙන ප්‍රධාන ගැටළු ලෙස සේවක හිඟය සහ ඉඩකඩ සීමිත වීම හඳුනාගෙන ඇති බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය.
ඒ සඳහා ඉදිරියේ දී නව බඳවා ගැනීම් සිදු කිරීමටත්, ඉඩම් අමාත්‍යාංශයේ මිහිකත මැඳුර ගොඩනැඟිල්ලේ සිව්වන මහල ( 4 වන තට්ටුව) කඩිනමින් ඉදිකිරීමටත් සැලසුම් කර ඇති බව ද සඳහන් කළේය.
විවිධ රාජකාර හා වෙනත් හේතු මත නිලධාරීන් සේවයට පැමිණීම අවම වීම වැළැක්වීමට යම් දිරි දීමනා ක්‍රමයක් හඳුන්වා දීම පිළිබඳවද අවධානය යොමු කරන බව අමාත්‍යවරයා කියා සිටියේය.
රටේ ඉඩම් අර්බුදයට ස්ථිර විසඳුම් ලබාදීම තුළින් ජනතා විශ්වාසය යළි ගොඩනඟා ගැනීම සහ සංවර්ධන කටයුතු වේගවත් කිරීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ බව ද ඔහු ප්‍රකාශ කළේය.

