අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ Kristalina Georgieva මහත්මිය අතර අරලියගහ මන්දිරයේ නිල හමුවක් පැවැත්විණි.
මෙහිදී රටේ ආර්ථික ස්ථාවර කිරීම, මෑත ආර්ථික අභියෝග හා ස්වාභාවික ආපදා කළමනාකරණය සඳහා රජය දරන උත්සාහය IMF විසින් ඇගයනු ලැබීය. විශේෂයෙන් “දිත්වා” සුළි කුණාටුවෙන් බලපෑම් ලැබූ ජනතාවට සහාය වීමේ වැදගත්කම අවධාරණය කරන ලදි.
අග්‍රාමාත්‍යවරිය සහ IMF නියෝජිතයෝ Inclusive සංවර්ධනය, සංචාරක ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ තිරසාර ආයෝජන ආකර්ෂණය කිරීම වැදගත් බවට අවධානය යොමු කළහ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, කුසලතා සංවර්ධනය සහ රැකියා අවස්ථා නිර්මාණය කිරීමේ වැදගත්කමද සදහන් විය.
මෙම අවස්ථාවට IMF මාණ්ඩලික ප්‍රධානී Andreas Bauer, ආසියා-පැසිෆික් අධ්‍යක්ෂ ආචාර්ය Krishna Srinivasan, උපායමාර්ගික සන්නිවේදන ප්‍රධානී ආචාර්ය Pierre Mejlak, ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත ආචාර්ය Martha Woldemichael සහ Central Bank of Sri Lanka නිළධාරීන් සහභාගී වූහ.

