@ රට වටා මාරක රිය අනතුරු තුනකින් තිදෙනෙක් මරුට: ඇතිමලේ මහ පරිමාණ ගංජා වගාවක් පොලිස් දැලට

@@ මහමඟ ලේ විලක් කළ මාරක රිය අනතුරු පෙළක් සහ ඇතිමලේ කොටු වූ රහසිගත ගංජා වගාව

@@@ දිවයිනේ ප්‍රදේශ තුනක මාරක රිය අනතුරු සහ මත්ද්‍රව්‍ය වැටලීම් පිළිබඳ විශේෂ අනාවරණය

@@@@ වන්ඇල, කොඩිකාමම් සහ මහියංගණය හඬවමින් මාරක රිය අනතුරු: ඇතිමලේ ගංජා හේනක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට

පැය කිහිපයකදී රිය අනතුරු තුනකින් ජීවිත තුනක් මහමඟ අහිමි වෙයි: පොලිසියෙන් විශේෂ පරීක්ෂණ.

01.

ගංජා වගාකළ සැකකරුවෙකු අත්අඩංගුවට – ඇතිමලේ පොලිස් ස්ථානය. 2026.02.17 දින ඇතිමලේ පොලිස් වසමේ කොටියාගල ප්‍රදේශයේදී ඇතිමලේ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර ඉඩමක වගා කර තිබූ ගංජා ගස් 18 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 50 ක් වන කොටියාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඇතිමලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

02.

යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන කණුවක ගැටී පැදිකරු ජීවිතක්ෂයට – වාන්ඇල පොලිස් වසම. 2026.02.17 දින සවස වාන්ඇල කන්තලේ මාර්ගයේ පන්සල්ගොඩැල්ල ප්‍රදේශයේදී කන්තලේ දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන වැටක කණුවක ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් යතුරුපැදිකරු හා පසුපැදිකරුවන් දෙදෙනෙකු තුවාල ලබා කන්තලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පැදිකරු මියගොස් ඇත.

මරණකරු අවුරුදු 26 ක් වූ වාන්ඇල, කන්තලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වාන්ඇල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

03.

යතුරුපැදියක් ට්‍රැක්ටර් රථයක ගැටී පැදිකරු ජීවිතක්ෂයට – කොඩිකාමම් පොලිස් වසම. 2026.02.17 දින රාත්‍රී කාලය කොඩිකාමම් පොලිස් වසමේ මහනුවර යාපනය මාර්ගයේ නාවලේඅඩි ප්‍රදේශයේදී කොඩිකාමම් දෙස සිට කිලිනොච්චිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් එම දිශාවටම ධාවනය වූ බස් රථයකට ඉස්සර කිරීමට යාමේදී විරුද්ධ දෙසින් පැමිණි ට්‍රැක්ටර් රථයක ගැටී යතුරුපැදිය මාර්ගයේ පෙරළීගොස් පැදිකරු බස් රථයට යටවී අනතුරක් සිදුව ඇත.

අනතුරින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා චාවකච්චේරි රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මරණකරු අවුරුදු 40 ක් වූ වයාවිලාන් දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ට්‍රැක්ටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුරින් පසු බස් රථයේ රියදුරු බස් රථය රැගෙන පලාගොස් ඇත. කොඩිකාමම් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

04.

බස් රථයක ගැටී කාන්තාවක් මියයාම – මහියංගනය පොලිස් වසම. 2026.02.17 දින උදෑසන මහියංගනය පොලිස් වසමේ මහියංගනය දියතලාව මාර්ගයේ 48 කණුව ආසන්නයේදී දියතලාව දෙස සිට මහියංගනය දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක පදික කාන්තාවක් හා දැරියක් ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් තුවාල ලැබූ පදික කාන්තාව හා දැරිය මහියංගනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පදික කාන්තාව මියගොස් ඇත.

මරණකාරිය අවුරුදු 59 ක් වූ මහියංගනය ප්‍රදේශයේ පදිංචිකාරියකි. මහියංගනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය.

Share.
Leave A Reply