කොළඹ නගර සභාවේ දූෂණ චෝදනා: කොමිසමට පැමිණිල්ලක්!
කොළඹ නගර සභාවට දූෂණ චෝදනා!
ජනාධිපති පත්කළ කොමිසම හමුවට පැමිණිල්ලක් භාරදෙයි!
කොළඹ නගර සභාව කොර වෙයි! නගර සභාවේ රතු කට්ට පනී!
කොළඹ නගර සභාවේ දූෂණ චෝදනා: කොමිසමට පැමිණිල්ලක්!
පුරවැසි සංවිධානයක පියවර – පළාත් පාලන පාලනයේ පාරදෘශ්‍යතාව ගැන නැවතත් ජාතික අවධානයක්
කොළඹ නගර සභාවට අදාළව මතු වූ දූෂණ හා වංචා චෝදනා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පත්කරන ලද විශේෂ කොමිසම වෙත අද (17) පැමිණිල්ලක් ඉදිරිපත් කෙරිණි.
අල්ලස, දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුණී කමන්ත තුෂාර මහතා කොමිසම් කාර්යාලයට පැමිණ එම පැමිණිල්ල භාරදුන් බව සඳහන් වේ.
මෙම පියවරත් සමඟ කොළඹ නගර සභාවේ මුදල් පරිහරණය හා පරිපාලන ක්‍රියාදාමයන් සම්බන්ධයෙන් ජාතික අවධානයක් යොමුව ඇති අතර, කොමිසම ඉදිරියේදී ගන්නා තීරණ පිළිබඳව දේශපාලන සහ සමාජ ක්ෂේත්‍රවල දැඩි අවධානයක් යොමුව තිබේ.

