🔴 කොපායි උණුසුම් වෙයි! උදැල්ලෙන් පහරදී 59 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය!
🔴 හික්කඩුව මුහුදේ මරණ අභියස සිටි විදේශිකයින් 4 දෙනා බේරාගැනේ!
🔴 කොටුවිලදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ 35 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට
🔴 මට්ටක්කුලියේ හෙරොයින් 147g සමඟ සැකකරු කොටු වෙයි
🔴 කටුනායක ගුවන් තොටුපොළේ දැවැන්ත වැටලීමක් – දුම්වැටි 12,000ක් සමඟ පුද්ගලයෙක් අල්ලයි
🔴 සීගිරියේ වන අලි ප්‍රහාරය – හංගේරියානු සංචාරකයෙකු මරුට
🔴 හලාවත මාර්ග අනතුරක් – ලොරි දෙකක් ගැටෙයි, රියදුරු ජීවිතක්ෂයට
🔴 බදුල්ලේ බස් අනතුරක් – 61 හැවිරිදි පුද්ගලයෙකු මරුට
දවස පොලිස් කරන දවසේ පුවත් මෙන්න !
(01.) මනුෂ්‍ය ඝාතනයක් – කොපායි පොලිස් වසම
2026.02.16 දින කොපායි පොලිස් වසමේ අල්ලියාවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර ඇති බවට කොපායි පොලිස් ස්ථානය වෙත ලැබුණු පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු වයස අවුරුදු 59ක් වන කොපායි මධ්‍යම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු හා අසල්වැසියන් කිහිපදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් උදැල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඝාතනයට සම්බන්ධ වයස අවුරුදු 37 හා 63 වන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු යාපනය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොපායි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
(02.) දිය අනතුරුවලින් සිව්දෙනෙකු බේරා ගැනීම – පොලිස් ජීවිතාරක්ෂක ඒකකය, හික්කඩුව
2026.02.16 දින උදෑසන හික්කඩුව නාරිගම මුහුදු තීරයේ දියනෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු සහ පසුව දියනෑමට ගිය කාන්තාවක් දිය රැල්ලවලට හසුවී මුහුදට ගසාගෙන යමින් සිටියදී, රාජකාරියේ නිරත පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් ඔවුන් බේරාගෙන ඇත.
බේරාගත් අය වයස අවුරුදු 37ක් වන කාන්තාවක් සහ වයස අවුරුදු 50 හා 18 වන රුසියානු හා ජර්මානු ජාතිකයන් දෙදෙනෙකි.
එමෙන්ම එදින සවස හික්කඩුව බස් නැවතුම්පොළ අසල මුහුදු තීරයේ දියනෑමට ගිය වයස අවුරුදු 63ක් වන රුසියානු ජාතික කාන්තාවක්ද පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් බේරාගෙන ඇත.
(03.) අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට – විශේෂ කාර්ය බලකාය, ශ්‍රී ජයවර්ධනපුර කඳවුර
2026.02.16 දින වැල්ලම්පිටිය පොලිස් වසමේ කොටුවිල ප්‍රදේශයේදී ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50 මිලිග්‍රෑම් 960 සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.සැකකරු වයස අවුරුදු 35ක් වන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
(04.) හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට – කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය
2026.02.16 දින මට්ටක්කුලිය පොලිස් වසමේ සමුත්පුර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 147 මිලිග්‍රෑම් 900 සමඟ වයස අවුරුදු 42ක් වන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
(05.) නීතිවිරෝධීව ගෙන එන ලද දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට – පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය, කටුනායක
2026.02.17 දින අලුයම් කාලයේ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී නීතිවිරෝධීව රැගෙන එන ලද විදේශීය දුම්වැටි 12,000ක් (කාටූන් 60) සමඟ වයස අවුරුදු 58ක් වන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
(06.) වන අලි ප්‍රහාරයෙන් විදේශිකයෙකු මියයාම – සීගිරිය පොලිස් වසම
2026.02.16 දින සීගිරිය නදුරංගල මාර්ගයේදී වන අලි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලැබූ වයස අවුරුදු 68ක් වන හංගේරියානු ජාතිකයෙකු රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.
(07.) ලොරි රථ දෙකක් ගැටීමෙන් පුද්ගලයෙකු මියයාම – හලාවත පොලිස් වසම සිද්දියක්
හලාවත – කුරුණෑගල මාර්ගයේදී ලොරි රථ දෙකක් ගැටීමෙන් වයස අවුරුදු 31ක් වන පුද්ගලයෙකු මියගොස් ඇත.
(08.) බස් රථයකින් ඇද වැටී පුද්ගලයෙකු මියයාම – බදුල්ල පොලිස් වසම
බදුල්ල – පස්සර මාර්ගයේදී බස් රථයකින් ඇද වැටීමෙන් වයස අවුරුදු 61ක් වන පුද්ගලයෙකු මියගොස් ඇත.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය

