රටේ ආර්ථික මධ්‍යස්ථාන 18ක් පැවතුන ද නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ මධ්‍යස්ථාන 14ක් පමණියි. ඉතිරි මධ්‍යස්ථාන ක්‍රියාත්මක නොවන්නේ ආර්ථික මධ්‍යස්ථානවලින් ගොවියාට නියමිත පරදි සේවාවන් සිදු නොවන නිසා බව ද හෙතෙමෙ කීය.
ඔහු (15) දින කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක දී මෙසේ ද පැවසීය.
රටේ ආර්ථික මධ්‍යස්ථාන සියල්ල එක් රාජ්‍ය සමාගමක් යටතට පත් කිරීම වැදගත් බව ද හෙතෙම කීය.
එළවළු නිෂ්පාදකයාටත් පාරිභෝගිකයාටත් සහනයක් දෙන්න අපගේ යෝජනා සැලකිල්ලට ගන්න යැයි අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
අප යෝජනා 10ක් ආණ්ඩුවට ඉදිරිපත් කරනවා.
සමාගම 100% රාජ්‍ය සමාගමක් විය යුතු අතර කිසිසේත්ම එහි කොටස් දේශීය හෝ විදේශීය පුද්ගලික සමාගම්වලට පැවරීමට කටයුතු නොකරන බවට සහතිකයක් ලබා දිය යුතුයි.
සමාගම මගින් ඉටුකළ ජාතික වගකීම් ඉටු කිරීම සඳහා නව නීතියක් මගින් නීතිගත කළ යුතුයි.
එම නීතිය මගින් එතෙක් පවතින සමාගම යටතේ පරිපාලන වශයෙන් පහත සඳහන් වගකීම් සහ කොන්දේසි ඉටුකළ යුතුය. කෘෂිකර්ම ගොවිජන සේවා සහ හෙට්ට කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනය ආදී ආයතනය නියෝජනය වන ලෙස විශේෂඥ මණ්ඩලයක් පත් කිරීම කිරීමට පියවර ගන්න යැයි අපි ආණඩුවට මතක් කරනවා.
දැනට පවතින වෙළඳුන් සහ අතරමැදියන්ගේ මැදිහත්වීම සහිත මිලදී ගැනීමේ මධ්‍යස්ථාන ක්‍රමවේදය වෙනුවට ගොවීසංවිධාන සහ ගොවි සමූපකාර පිහිටුවීම සහ ඒවා යොදා ගැනීම මගින් විකිණීම හෙවත් අලෙවි කරන මධ්‍යස්ථාන බවට පත්කළ යුතුයි.
එනම් කඩ කාමර සියල්ල නිෂ්පාදනාගාර හෙවත් ගොවියා මගින් පාලනය කළ යුතු අතර ඒවා වෙළඳුන්ට නැවත බඳු දීම තහනම් කළ යුතුයි.
තෝරා ගත් කෘෂි නිෂ්පාදන ප්‍රමාණයකට නිෂ්පාදනය පිරිවැය අනුව අවම සහායක මිල නියම කළ යුතුයි. මේ අනුව ඉන්දියාවේ බෝග 22ක් සඳහා එසේ MSP නියම කර ඇති බව සඳහන් කිරීමට හැකියි.
එම සමාගම මගින් (අදාල නීතිය මගින්) ගොවී සංවිධාන සහ සමූපකාර හෝ ගොවි සමාගම් නිශ්චිත කොන්දේසිය යටතේ ලියාපදිංචි කළ යුතුයි.
කඩ කාමර සහ සෙසු පහසුකම් සඳහා වෙළඳපළ මිලට වඩා අඩු සාධාරණ මිලක් නියම කළ යුතුයි.
ආයතනය ලාභයෙන් යම් ප්‍රතිශතයක් ගොවී ජන සංවර්ධන අරමුදලට බැර කළ යුතු අතර ඒ මගින් ගොවීන්ට පුහුණු සහ තාක්ෂණික දැනුම විශේෂයෙන්ම පශ්චාත් අස්වනු ආරක්ෂාව පිළිබඳව ලබාදිය යුතුයි.
පශ්චාත් අස්වනු ගැටලු සහ නාස්තිය වැළැක්වීම සඳහා කල්තබා ගැනීමේ සීතාගාර පහසුකම් සඳහා සමාගම විසින් ආයෝජනය කළ යුතු අතර ඊට අදාළව ගොවි සංවිධාන වලින් සාධාරණ ගාස්තුවක් අය කළ යුතුයි.
අස්වැන්න වැඩිවන විට හෝ වෙනත් හේතු මත මිල පහත වැටීම වැළැක්වීම සඳහා වටිනාකම් එකතු කිරීම හෙවත් සකස් කළ ආහාර වර්ග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ආරම්භ කිරීම සඳහා සමාගම සෘජුව මැදිහත්විය යුතුයි.
ඊට අමතරව ගොවි සමුපකාර හෝ සමාගම් ඒ සඳහා දිරිගැන්වීම මුල්කරගෙන දිරිගැන්වීම් හෙවත් සහන ලබාදිය යුතුයි.
බෙදා හැරීමේ ගැටලු අවම කිරීම මගින් නාස්තිය සහ මිල පහත වැටීම වැළැක්වීම සඳහා සමාගම මුල් වී තොග බෙදා හැරීමේ සමූපකාර සමිතියක් පිහිටුවිය යුතුයි.
එක් එක් සමාගම මගින් කුලී පදනම යටතේ වාහන ලබා ගැනීම මගින් අන්තර් කාලීනව ගැටලු විසඳිය යුතුයි.
අදාළ නීතිය මගින් සහ එතෙක් පරිපාලන වශයෙන් සමාගම මගින් ගොවින් සහ මහජනයාගේ ගොවියාගේ ගැටලු සහ පැමිණිලි විභාග කිරීම සඳහා යාන්ත්‍රණයක් පිහිටුවිය යුතුයි. එම පැමිණිලි පමණක් විභාග කිරීම සහ ලබාදෙන විසඳුම් ප්‍රසිද්ධ කිරීම සඳහා යාන්ත්‍රණයක් හඳුන්වා දිය යුතු යැයි ද සමස්ත ලංකා ගොවිජන පවුර ව්‍යාපාරයේ මාධ්‍ය ප්‍රකාශක නලින්ද සේනාරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

