එසේ නොවන්නේ නම් ජනාධිපතිවරයා ඔවුන් ඉවත් කිරීමට කඩිනම් පියවර ගත යුතු බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය.

දිවුලපිටිය මරදගහමුල අද (14) පැවැති මාධය හමුවක දී හෙතෙම මෙසේද කීය.

2023 ආර්ථික අර්බුද සමයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ලබාදුන් විශේෂ සහන ක්‍රමය තවදුරටත් භාවිතා කරමින් සාමාන්‍ය ටෙන්ඩර් ක්‍රමවේදය යථා තත්ත්වයට පත් කිරීමට විගණකාධිපති උපදෙස් ලබා දී තිබුණද, ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත් කර නොමැති බවයි.

ඒ අනුව, පළමු නැව් හතරෙන් පමණක් රුපියල් මිලියන 1,808.4 ක ආර්ථික පාඩුවක් රජයට සිදුව ඇති බවත්, එම පාඩුවට වගකිවයුතු අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම් ඇතුළු නිලධාරීන්ගෙන් පුද්ගලිකව මුදල් අය කර ගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් ඔහු සඳහන් කළේ ය.

ගල් අඟුරු සභාපතිවරයා “අළු ආශිර්වාදයක්” ලෙස ප්‍රකාශ කළ ද, රුපියල් 37කට මිලදී ගත් ගල් අඟුරුවලින් ලැබෙන අළු අද සිමෙන්ති කර්මාන්තශාලා වෙත රුපියල් 2කට ලබාදීමට සිදුව ඇති බවත්, ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකළ ආණ්ඩුව “Top 10, Top 20” කියා ආරම්භ කර “Top 72” බොරු පොරොන්දු ලබාදුන් පාලනයක් බවත් ඔහු චෝදනා කළේ ය.

ලංකා කෝල් සමාගම නිකුත් කළ ගල් අඟුරු පරීක්ෂණ වාර්තාව ඉවත් කර, පැය 24ක් ඇතුළත විකෘති වාර්තාවක් නිකුත් කිරීමට උත්සාහ දරා ඇති බවත් “real time report” වෙනස් කර අසාර්ථක වාර්තාව සාර්ථක ලෙස පෙන්වීමට කූට ලේඛන සකස් කර ඇති බවත් ඔහු චෝදනා කළේය.

මේ පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමටත් වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටත් රජය වහා කටයුතු කළ යුතු බව ඔහු අවධාරණය කළේය.

දඩ මුදල් ගණනය කිරීම සම්බන්ධයෙන්ද අක්‍රමිකතා පවතින බව පැවසූ ඔහු දඩ මුදල් දෙයාකාරයකින් අය කළ යුතු බව පැහැදිලි කළේ ය.

ගල් අඟුරුවල අළු ප්‍රතිශතය ඉහළ යාම හෝ ගුණාත්මක භාවය අඩුවීම මත පනවන දඩය.

අළු ප්‍රතිශතය ඉහළ යාම හේතුවෙන් සිදුවන පාරිසරික හානිය මත පනවන දඩය හා පාරිසරික දඩ මුදල ලංවීම රඳවා නොගෙන, බලපෑමට ලක්වන ප්‍රදේශයේ ජනතාවට ලබාදීමට ආණ්ඩුව වහා කටයුතු කළ යුතු බවත් ඔහු පැවසීය.

අළු වැඩි ගල් අඟුරු දහනය හේතුවෙන් බොයිලර් පද්ධතියේ නළ (tubing) වලට හානි සිදුවිය හැකි බවත්, එවැනි තත්ත්වයක් උද්ගත වුවහොත් මාස 6ක් පමණ බලාගාරය වසා දැමීමට සිදුවිය හැකි බවත් ඔහු අනතුරු ඇඟවීය.

එවිට අධික මිලට විදුලිය මිලදී ගැනීමට සිදුවන අතර, සම්පූර්ණ බලාගාරය අක්‍රිය වුවහොත් දිනකට රුපියල් මිලියන 130ක පමණ පාඩුවක් සිදුවන බවත් ඔහු ප්‍රකාශ කළේය.

මෙම බලාගාරයට නිකුත් කර ඇති පරිසර ආරක්ෂණ බලපත්‍රය නිකුත් කර ඇත්තේ වයඹ පළාත් පරිසර අධිකාරිය විසින් වන අතර, මධ්‍යම පරිසර අධිකාරිය නොවන බවද ඔහු සඳහන් කළේය.

එම බලපත්‍රයේ කොන්දේසි අනුව 16% ට වැඩි අළු ප්‍රතිශතයක් සහිත ගල් අඟුරු භාවිතා කිරීම නීතිවිරෝධී බව ඔහු පැහැදිලි කළේය.

ආංශික කාරක සභාවේදී විපක්ෂ නායකවරයා විසින් යොමු කළ ප්‍රශ්නාවලියට නිලධාරීන් නිසි පිළිතුරු ලබා නොදුන් බවත්, මෙය සම්පූර්ණයෙන්ම දේශපාලන වගකීමක් සහිත කුමන්ත්‍රණයක් බවත් සංජීව ධම්මික මහතා අවසන් වශයෙන් අවධාරණය කළේය.

“ජනතාවගේ මුදල් හා ජනතාවගේ සෞඛ්‍යය බිලි නොදී, සත්‍යය හෙළිදරව් වන තුරු අප පසු නොහැර සටන් කරනවා,” යනුවෙන්ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Share.
Leave A Reply