2024 වසරේ සිට 2026 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව පුරා ජලය ආශ්‍රිතව සිදු වූ අනතුරුවලින් පුද්ගලයින් 1007 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය අංශය නිල වශයෙන් ප්‍රකාශ කර සිටියේ ය.
දිනෙන් දින ඉහළ යන මෙම බිහිසුණු මරණ සංඛ්‍යාව පාලනය කිරීම සඳහා පොලිස් නාවික කොට්ඨාසය මේ වන විට දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව ද මාධ්‍ය මධ්‍යස්ථානය පැවසීය.
මරණ සංඛ්‍යාලේඛන බිහිසුණු අගයක පොලිස් මාධ්‍ය මධ්‍යස්ථානය නිකුත් කළ දත්තයන්ට අනුව, මියගිය පිරිස පිළිබඳ සංඛ්‍යාලේඛන මෙසේ ය.
2024 වසරේදී: මරණ 595ක් ද 2025 වසරේදී: මරණ 388ක් ද 2026 (පෙබරවාරි මැද දක්වා): මරණ 24ක් වශයෙන් සඳහන් කළේ ය.
දිවි බේරාගත් පිරිස මෙම අවාසනාවන්ත තත්ත්වය හමුවේ වුවද, පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්ගේ මැදිහත්වීම මත 2025 වසරේ සිට මේ දක්වා පුද්ගලයින් 280 දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට සමත්ව ඇත.
ඒ අතරට 2025 වසරේදී බේරාගත් දේශීය සංචාරකයින් 151ක් සහ විදේශීය සංචාරකයින් 96ක් ඇතුළත් වන අතර, 2026 වසරේ ගතවූ මාස එකහමාරක කාලය තුළ දේශීය පුද්ගලයින් 17ක් සහ විදේශිකයින් 16ක් දියේ ගිලීමෙන් බේරාගෙන තිබේ.
පොලිස් නාවික කොට්ඨාසයේ ක්‍රියාන්විතය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක මෙම ආරක්ෂක වැඩපිළිවෙළ දිවයිනේ පොලිස් කොට්ඨාස 48න් 31ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක වේ. විශේෂයෙන් අධි අවදානම් සහිත මුහුදු වෙරළ සහ ජලාශ්‍රිත ප්‍රදේශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති අතර, මේ වන විට දිවයින පුරා ජීවිතාරක්ෂක ඒකක 71ක් ස්ථාපිත කර ඇත. මෙම ඒකක සඳහා විශේෂ පුහුණුව ලත් නිලධාරීන් 308 දෙනෙකු අනුයුක්ත කර ඇති බව පොලිස් මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසයි.
මහජනතාවට වැදගත් උපදෙස් පවතින අවදානම සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන්, දුවා දරුවන්ගෙන් සහ සංචාරකයින්ගෙන් පහත ආරක්ෂක පියවර අනුගමනය කරන ලෙස දැඩිව ඉල්ලා සිටියේ ය.
ජලාශ සහ වෙරළ තීරයන්හි ප්‍රදර්ශනය කර ඇති රතු පැහැති අනතුරු ඇඟවීමේ ධජ කෙරෙහි දැඩි අවධානය යොමු කර, එම ප්‍රදේශවල දියට බැසීමෙන් වළකින ලෙසත්, නුහුරු හෝ අනාරක්ෂිත ස්ථානවල දිය නෑමෙන් සහ පිහිනීමෙන් වළකින්න්න යැයි ද ගැඹුරු හෝ සැඟවුණු වළවල් සහිත ජලාශ ගැන විමසිලිමත් වන්න යැයද් මාධ්‍ය මද්‍යස්ථානය ප්‍රකාශ කළේ ය.
කුඩා ළමුන් දිය නෑමේදී වැඩිහිටියන්ගේ සමීප අධීක්ෂණය අනිවාර්යයෙන්ම ලබා දෙන්න, හැකි සෑම විටම ජීවිතාරක්ෂක නිලධාරීන් සිටින ස්ථානවල පමණක් ජලය ආශ්රිත ක්‍රියාකාරකම්වල නිරත වන්න යැය ිද මාධ්‍ය මධ්‍යස්ථානය පැවසීය.
මෙම මරණ සංඛ්‍යාව අවම කර ගැනීමට නම් මහජනතාවගේ සහයෝගය සහ විචක්ෂණශීලී බව අත්‍යවශ්‍ය බව පොලිස් මාධ්‍ය අංශය අවධාරණය කළේ ය.

