හදිසි නීතිය කිසිම මර්ධන කාර්යකට භාවිත කරලත් නෑ, භාවිත කරන්නෙ නෑ.
අපි පොරොන්දු වූ පරිදි ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත අහෝසි කරමින් ජනතාවාදී පනතක් ගෙන්න මහජන අදහස් සඳහා විවෘත කර තිබෙනවා.
හදිසි නීතිය පැනවීම නිසා සංචාරක කර්මාන්තය අත්‍යවශ්‍ය සේවාවක් කිරීම හේතුවෙන් පහුගිය දෙසැම්බර් සහ ජනවාරි මාස ඉතිහාසයේ වැඩිම සංචාරකයන් පැමිණි මාස බවට පත් කරන්න අපිට හැකි වුණා.
හදිසි නීතිය දීර්ඝ කිරීම පිළිබඳව (02/06) විවාදයට එක්වෙමින් අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

