පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කිරීමට නීතිමය බාධාවක් නැහැ

— ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන විශ්‍රාම වැටුප් ඉවත් කිරීම සඳහා ඉදිරිපත් කර ඇති “පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත” ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන්ම අනුරූප බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වගන්තිය ප්‍රකාරව මෙම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්ව තිබූ අතර, ඒ සම්බන්ධයෙන් ලබාදුන් තීරණය මේ වනවිට කථානායකවරයා වෙත නිල වශයෙන් දැනුම් දී ඇත.

අද (06) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කථානායකවරයා මෙසේ සඳහන් කළේ ය.

අදාළ පනත් කෙටුම්පතෙහි කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිඳු විධිවිධානයකට අනනුකූල නොවන බව යි.

එබැවින් මෙම පනත් කෙටුම්පත විශේෂ බහුතරයක් හෝ ජනමත විචාරණයක් නොමැතිව,

පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බවයි.

සත්තකින් ම රටට ඇති වැදගත්කම මෙසේ ය.

මෙම තීරණය සමඟ, දිගු කාලයක් පුරා ජනතා අවධානයට හා විවාදයට ලක්ව තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් පද්ධතිය ඉවත් කිරීම සඳහා නීතිමය මාර්ගය විවෘත වී තිබේ.

විශේෂයෙන්,ජනතා මුදල් භාවිතය,දේශපාලන වගකීම,සහ සමාජ සාධාරණත්වය පිළිබඳව ඇති දැඩි මහජන අවධානය මධ්‍යයේ,මෙම පනත් කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ කෙසේ සම්මත වේද යන්න පිළිබඳව රටම දැඩි අවධානයෙන් පසුවෙයි.

පාර්ලිමේන්තු ඉතිහාසයේ වැදගත් හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස මෙම නඩු තීරණය සැලකිය හැකි බව දේශපාලන විශ්ලේෂකයෝ රට හමුවේ කියා සිටියහ.

Share.
Leave A Reply